එනම්, අඥානකම බොහෝ උසස් ස්ථානවල පිහිටුවා තිබියදී, උත්තමයන් පහත් තැන ඉන්න බවය.
මේ කාරණාවලට පසු අහෂ්වේරොෂ් රජ අගාගිය හම්මෙදාතාගේ පුත්‍රවූ හාමාන් උසස්කරමින් උතුම්කමට පමුණුවා, තමා වෙත සිටිය සියලු අධිපතීන්ට වඩා උත්තම ආසනයක් ඔහුට දුන්නේය.
මොර්දෙකයි තමාට නැමී නමස්කාර නොකරන බව හාමාන් දැක කෝපයෙන් පිරුණේය.
දුශ්චරිතය මනුෂ්‍යපුත්‍රයන් අතරෙහි උසස්වෙන කල දුෂ්ටයෝ සියලු දෙසම ඇවිදිති.
සැප ජීවිකාව අඥානයෙකුට නොහොබනේය; ඊට වඩා, මෙහෙකරුවෙක් අධිපතීන් කෙරෙහි ආණ්ඩුකිරීම නොහොබනේය.
ධර්මිෂ්ඨයන් ජය ලබන කල මහත් තේජස තිබේ; එහෙත් දුෂ්ටයන් උසස් වන කල මනුෂ්‍යයෝ සැඟවෙති.
දුෂ්ටයන් උසස්වෙන කල මනුෂ්‍යයෝ සැඟවෙති; එහෙත් ඔවුන් විනාශවෙන කල ධර්මිෂ්ඨයෝ වැඩිවෙති.
ධර්මිෂ්ඨයන්ට බලය තිබෙන කල සෙනඟ ප්‍රීතිවෙති; එහෙත් දුෂ්ටයෙක් ආණ්ඩුකරන කල සෙනඟ සුසුම්ලති.
අධිපතියා ඉදිරියෙන් නික්මෙන වැරැද්දක් වන ඉර යට කෙරෙන නරකක් දුටිමි.