Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දේශනාකාරයා 10:1

Sinhala Revised Old Version

මළ මැස්සන් නිසා තෛල මිශ්‍රකරන්නාගේ තෙල් ගඳගසා නරක් වේ. එසේම ප්‍රඥාවටත් ගෞරවයටත් වඩා ස්වල්ප මෝඩකමක් බරය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

නුමුත් හනානිගේ පුත්‍රවූ යේහු නම් දිවස් ඇත්තා යෙහෝෂාපාට් රජුගේ පෙරමගට පිටත්ව ගොස් ඔහුට කථාකොට: දුෂ්ටයාට උපකාරකිරීමත් ස්වාමීන්වහන්සේට වෛරවෙන්නන්ට ප්‍රේමකිරීමත් නුඹට යුතුද? මේ කාරණය නිසා නුඹ කෙරෙහි ස්වාමීන්වහන්සේගේ උදහස පැමිණ තිබේ.

ඔවුන්ට කථාකොට: ඉශ්‍රායෙල් රජවූ සාලමොන් මේ දේ කිරීමෙන් පව්කළා නොවේද? බොහෝ ජාතීන් අතරේ ඔහුට සමාන රජෙක් සිටියේ නැත, ඔහුගේ දෙවියන්වහන්සේද ඔහුට ප්‍රේමකොට මුළු ඉශ්‍රායෙල් කෙරෙහි ඔහු රජකළසේක. එසේ වී නුමුත් ඔහු පවා අන්‍ය ජාතී ස්ත්‍රීන් විසින් පව්කරන්ට සලස්වනලද්දේය.

ඔවුන් ඔහුට අල්ලස් දුන්නේ, මා භයවී එසේ කර පව්කරන පිණිසත්, එයින් මට නින්දාකිරීමට නපුරු ප්‍රවෘත්තියක් පතළකරන්ට කාරණා තමුන්ට ලැබෙන පිණිසත්ය.

එවිට ඒක මුහුදේ වැලිවලට වඩා බර වන්නේය. එබැවින් මාගේ වචන අනුවණව තිබුණේය.

එයින් ශුද්ධවූ ආලේපය පිණිස තෛල මිශ්‍රකරන විධියට ඒවා මිශ්‍රකර ශුද්ධ තෛලයක් සාදන්න. ඒ ශුද්ධ ආලේප තෛලයක් වන්නේය.

යුද්ධායුධවලට වඩා ප්‍රඥාව වටනේය. නුමුත් එක පව්කාරයෙක් හොඳ බොහෝ කාරණා නැතිකරයි.

යමෙක් තමාගේ වස්ත්‍ර කෙළවරින් ශුද්ධ මාංසය ගෙනයන විට ඒ වස්ත්‍ර කෙළවර රොටිවල හෝ හොදිවල හෝ මුද්‍රිකපානයෙහි හෝ තෙල්වල හෝ වෙන යම් කෑමක හෝ තැවරුණොත් ඒවා ශුද්ධවන්නේද කියා ව්‍යවස්ථාව ගැන පූජකයන්ගෙන් අසන්නැයි කියනසේක. පූජකයෝ උත්තරදෙමින්: නැතැයි කීවෝය.

එවිට හග්ගයි: මළකඳකින් අපවිත්‍රවී සිටින කෙනෙක් ඒවායෙන් යමකට තැවරුණොත් එය අපවිත්‍රවේදැයි ඇසුවේය. පූජකයෝ උත්තරදෙමින්: අපවිත්‍රවේයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්