හැම දේම වෙහෙසින් පූර්ණය; මනුෂ්‍යයෙකුට ඒක විස්තරකරන්ට බැරිය. දැකීමෙන් ඇස තෘප්තියට පැමිණෙන්නේවත් ඇසීමෙන් කන පිරීයන්නේවත් නැත.
මාගේ යහනේදී ඔබ සිහිකරන කලද, රෑ යාම්වලදී ඔබ මෙනෙහිකරන කලද,
ෂෙයෝලද අබද්දොනද කිසිකලක තෘප්තියට පැමිණෙන්නේ නැත; මනුෂ්‍යයාගේ ඇස්ද කිසිකලෙක තෘප්තියට නොපැමිණේ.
සියලු ගංගා මුහුදට යති, එහෙත් මුහුද පිරෙන්නේ නැත; ගංගා පිටත්ව එන තැනටම නැවත යති.
නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.
දෙවියන්වහන්සේ තමන් ඉදිරියෙහි යහපත්ව සිටින මනුෂ්‍යයාට ප්‍රඥාවත් දැනගැන්මත් ප්‍රීතියත් දෙනසේක. නුමුත් පව්කාරයාට, දෙවියන්වහන්සේ ඉදිරියෙහි යහපත්ව සිටින අයට දෙන පිණිස, [වස්තු] රැස්කර තැබීමේ වෙහෙසය දෙනසේක. මේකත් නිෂ්ඵලකමක්ව, හිස්වූ උත්සාහයක්ව තිබේ.
තව කෙනෙක් නැතුව තනිව සිටින්නෙක් ඇත්තේය; එසේය, ඔහුට පුත්‍රයෙක්වත් සහෝදරයෙක්වත් නැත; එහෙත් ඔහුගේ සියලුම වෙහෙසවලට කෙළවරක් නැත, ඔහුගේ ඇස් වස්තුවෙන් තෘප්තියට නොපැමිණෙයි. මම කා උදෙසා වෙහෙසවී මාගේ ප්‍රාණයට සැප නොදී සිටිම්දැයි ඔහු නොකියන්නේය. මේකත් නිෂ්ඵලකමක්ව, එසේය, තදබල වෙහෙසක්ව තිබේ.
මනුෂ්‍යයාගේ මුළු වෙහෙසීම ඔහුගේ කට උදෙසාය, එහෙත් ඔහුගේ ආශාව පූර්ණ නොවේ.
නුඹලා බොහොමයක් ගැන බලාසිටියහුය, නුමුත් ඒවා ස්වල්ප විය; නුඹලා ඒවා ගෙදර ගෙනා කල මම ඒවා පිඹදැමුවෙමි. ඒ මක්නිසාදැයි සේනාවල ස්වාමීන්වහන්සේ අසනසේක. මාගේ ගෘහය පාළුව තිබෙද්දී නුඹලා එකිනෙකා තම තමාගේම ගෙදරට දුවන නිසාය.
වෙහෙසවෙන්නාවූ, බර උසුලන්නාවූ සියල්ලෙනි, මා වෙතට එන්න, මම නුඹලාට සහනය දෙමි.
ධර්මිෂ්ඨකමට සාපිපාසා ඇත්තෝ ආශීර්වාදලද්දෝය; මක්නිසාද ඔව්හු තෘප්තියට පැමිණෙන්නෝය.