Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දේශනාකාරයා 1:3

Sinhala Revised Old Version

මනුෂ්‍යයා ඉර යට ගන්නාවූ තමාගේ සියලුම වෙහෙසවලින් ඔහුට ඇති ප්‍රයෝජනය කුමක්ද?

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

23 හුවමාරු යොමු  

නුමුත් මාගේ අත්වලින් කළාවූ සියලුම කර්මාන්තද කරන්ට මා වෙහෙස ගත්තාවූ වැඩද දෙස බැලූ විට ඒ සියල්ල නිෂ්ඵලකමක්ව හිස්වූ උත්සාහයක්ව තිබෙන බවත් ඉර යට ප්‍රයෝජනයක් නැති බවත් දුටිමි.

එසේය, ඉර යට මා වීර්යයෙන් කළාවූ, මට පසුව එන මනුෂ්‍යයාට මා විසින් තබායන්ට ඕනෑවූ මාගේ මුළු වැඩේට අප්‍රියවීමි.

ඔහු ප්‍රඥාවන්තයෙක් වේද අඥානයෙක් වේද කියා දන්නේ කවුද? එහෙත් ඉර යට මා වීර්යයෙන්ද ප්‍රඥාවෙන්ද කළාවූ මාගේ මුළු වැඩය කෙරෙහි ඔහු බලය පවත්වා ඇත. මේකත් නිෂ්ඵලකමක්ය.

මක්නිසාද මනුෂ්‍යයා ඉර යට වෙහෙස ගෙන කරන්නාවූ තමාගේ මුළු වැඩෙනුත් තමාගේ සිතේ වෑයමෙනුත් ඔහුට ලැබෙන්නේ කුමක්ද?

යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද?

එසේය, ඒ දෙපක්ෂයටම වඩා ඉර යට කෙරෙන නපුරු ක්‍රියා නුදුටුවාවූ, තවම නූපන්නාවූ මනුෂ්‍යයා හොඳයයි සිතීමි.

එකල මම හැරී තව නිෂ්ඵලකමක් ඉර යට තිබෙන බව දුටිමි.

මේකත් මහත් වරදක්ය: සියලු ආකාරයෙන්, ඔහු ආ ලෙසම ඔහු යන්නේය. සුළඟ ගැන වෙහෙසවෙන්නාවූ ඔහුට ඇති ප්‍රයෝජනය මොකද?

බලව, මා දුටු කාරණයක් නම් දෙවියන්වහන්සේ යමෙකුට දෙන්නාවූ ඔහුගේ ජීවිතයේ සියලු දවස්වල කා බී, ඔහු ඉර යට ගන්නාවූ තමාගේ සියලු වෙහෙසවලින් සැපය භුක්තිවිඳීම හොඳව සුදුසුව තිබෙන බවය. මක්නිසාද ඒක ඔහුගේ කොටසය.

මනුෂ්‍යයාගේ ජීවිතයෙහි එනම් ඔහු සෙවණැල්ලක් මෙන් ගතකරන ඔහුගේ නිෂ්ඵල ජීවිතයේ දවස්වල ඔහුට හොඳව තිබෙන්නේ කිමෙක්දැයි දන්නේ කවුද? නොහොත් මනුෂ්‍යයෙකුට ඔහුගෙන් පසුව ඉර යට සිදුවන්නේ කුමක්ද කියා දන්වන්ට පුළුවන් කාටද?

ප්‍රඥාව උරුමයක්මෙන් හොඳය; එසේය, ඉර දකිනවුන්ට එය මහත් වාසියක්ය.

ඉර යට මෙයාකාර ප්‍රඥාවක් දුටිමි, එය මට මහත්ව පෙනුණේය.

ඉර යට කෙරෙන සියල්ල අතරේ ඇති නරකක් නම් සියල්ලන්ට එක සිද්ධියක් ඇතිවීමය. එසේ මනුෂ්‍ය පුත්‍රයන්ගේ සිත් නපුරෙන් පිරී ඔවුන් ජීවත්වන තෙක් මෝහය ඔවුන්ගේ සිත්වල තිබේ, ඉන්පසු ඔව්හු මළවුන් ළඟට යන්නෝය.

ඔවුන්ගේ ප්‍රේමයද වෛරයද ඊර්ෂ්‍යයාවද දැන් නැතිවී තිබේ. ඉර යට කෙරෙන සියල්ලෙන් තවත් සදාකාලයටම ඔවුන්ට කොටසක් නැත.

කෑම නොවන දේට මුදල්ද තෘප්තියට නොපමුණුවන දේට නුඹලාගේ වස්තුවද වියදම්කරන්නේ මක්නිසාද? හොඳාකාරයෙන් මට ඇහුම්කන්දී හොඳව තිබෙන දේ කන්න, නුඹලාගේ ප්‍රාණයද තරකම භුක්තිවිඳීවා.

බලව, ජනයන් ගින්න පිණිස වැඩකිරීමත් ජාතීන් හිස්කමට වෙහෙසීමත් සේනාවල ස්වාමීන්වහන්සේගෙන් නොවේද?

කැපූ රූපය සාදන්නා විසින් ඒක කැපූ නිසා රූපයෙන්වත්, ගොළු රූප සාදන්නා ඒවා සාදමින් තමාගේ වැඩ කෙරෙහි විශ්වාසකරන නිසා වාත්තු පිළිමයෙන්වත්, බොරු උගන්වන්නාගෙන්වත් ඇති ප්‍රයෝජනය මොකද?

යම් මනුෂ්‍යයෙක් මුළු ලෝකය ලබාගත්තත් තමාගේ ජීවිතය නැතිවුණොත් ඔහුට මොන ලාභයක්ද? නොහොත් මනුෂ්‍යයෙක් තමාගේ ජීවිතය වෙනුවට දෙන්නේ කුමක්ද?

නැතිවී යන කෑම පිණිස නොව සදාකාල ජීවනයට පවතින්නාවූ කෑම පිණිස වැඩකරන්න, එය මනුෂ්‍ය පුත්‍රයා නුඹලාට දෙනසේක. මක්නිසාද පියාණන්වහන්සේ, එනම්, දෙවියන්වහන්සේ විසින් ඔහු මුද්‍රාකොට තිබේයයි කීසේක.

නුඹලාත් එවැනි අයටද වැඩට හවුල්වෙමින් වීර්යකරන්නාවූ සියල්ලන්ටද යටත්ව සිටින ලෙස නුඹලාගෙන් ඉල්ලමි.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්