ඔබවහන්සේගේ නාමයෙන් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පියවරුන්ටත් දේශයේ වැසියන්වූ සියල්ලන්ටත් කථාකළ අනාගතවක්තෲන්වූ ඔබගේ මෙහෙකරුවන්ට අපි ඇහුම්කන් නුදුන්නෙමුව.
මෙසේ සිද්ධවුණේ ඔවුන් තමුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට කීකරුනොවී, උන්වහන්සේගේ ගිවිසුම වන, ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් විසින් අණකළ සියල්ල කඩකළ නිසාය, ඔව්හු ඒවා අසන්ටවත් කරන්ටවත් නොකැමැතිවූහ.
ස්වාමීන්වහන්සේ මනස්සේටත් ඔහුගේ සෙනඟටත් කථාකළ නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය.
අපේ පියවරුන්ගේ දවස්වල පටන් අද දක්වා අපි අතිශයින් වරදකාරයෝව සිට, අපේ අපරාධ නිසා අපිද අපේ රජවරුද අපේ පූජකයෝද අද දවසේ තිබෙන හැටියට දේශවල රජවරුන් අතටත් කඩුවටත් වාල්කමටත් කොල්ලකෑමටත් මුහුණේ ලජ්ජාවටත් පාවාදෙනු ලැබීමුව.
එහෙත් ඔබ බොහෝ අවුරුදු ගණනක් ඔවුන් ගැන ඉවසා, ඔබගේ ආත්මයෙන් ඔබගේ ප්‍රොපේතවරුන් ලවා ඔවුන්ට අවවාදකෙරෙවුසේක. නුමුත් ඔව්හු ඇහුම්කන් නුදුන්නෝය. ඔබද දේශවල ජනයන් අතට ඔවුන් පාවාදුන්සේක.
ඉතින් අපේ දෙවියන්වහන්ස, මහත්වූ, බලවන්තවූ, භයානකවූ, ගිවිසුමද කරුණාවද පවත්වන්නාවූ දෙවියන්වහන්ස, අෂූර්හි රජුන්ගේ කාලයේ සිට අද දක්වා අපටත් අපේ රජවරුන්ටත් අපේ අධිපතීන්ටත් අපේ පූජකයන්ටත් අපේ ප්‍රොපේතවරුන්ටත් අපේ පියවරුන්ටත් ඔබගේ මුළු සෙනඟටත් පැමිණි සියලු දුක් ගැහැට ඔබ ඉදිරියෙහි සුළුව නොපෙනේවා.
අපේ රජවරුන්ද අපේ අධිපතීන්ද අපේ පූජකයන්ද අපේ පියවරුන්ද ඔබගේ ව්‍යවස්ථාව පැවැත්තුවේවත්, ඔබගේ ආඥාවලටද ඔබ ඔවුන්ට කළ ඔබගේ අවවාදවලටද ඇහුම්කන්දුන්නේවත් නැත.
නුඹලා විසින් කන් දෙන්ට නොයෙදුණාවූ අනාගතවක්තෘවරුන් වන මාගේ සේවකයන්ගේ වචනවලට ඇහුම්කන්දෙන හැටියටත් නුඹලා මට ඇහුම්කන් නුදුන්නොත්,
මෙසේ කරන්නේ මා විසින් අලුයම නැගිට මාගේ සේවකයන්වූ අනාගතවක්තෘවරුන් ඔවුන් ළඟට ඇරිය නුමුත් ඔවුන් මාගේ වචන නෑසූ නිසායයි ස්වාමීන්වහන්සේ කියනසේක; නුඹලාද ඇසුවේ නැතැයි ස්වාමීන්වහන්සේ කියනසේක.
නුඹ ස්වාමීන්වහන්සේගේ නාමයෙන් අපට කී වචනය ගැන අපි නුඹට කන් නොදෙන්නෙමුව.
ඉතින් නුඹලා මේ සියලු ක්‍රියාවල් කළ නිසාත්, මා නුඹලාට කථාකළ නුමුත්, අලුයම් වේලේ පටන්ම කථාකළ නුමුත්, නුඹලා ඇසුවේවත් මා නුඹලාට අඬගැසූ නුමුත් නුඹලා උත්තරදුන්නේවත් නැති නිසාත්,
නුමුත් ඔව්හු අසන්නේවත් තමුන්ගේ කන් යොමුකරන්නේවත් නැතුව, තමුන්ගේ නපුරු සිතේ මන්ත්‍රණවලද මුරණ්ඩුකමේද හැසිරෙමින්, ඉස්සරහට නොව පස්සට ගියෝය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ප්‍රොපේතවරුන් වන තමන් මෙහෙකරුවන් ලවා අප ඉදිරියෙහි තැබූ උන්වහන්සේගේ ව්‍යවස්ථාවල ප්‍රකාරයට හැසිරෙන ලෙස අපි උන්වහන්සේගේ හඬට කීකරු නොවීමුව.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ වෙත අනුකම්පාවත් කමාවත් තිබේ; මක්නිසාද අපි උන්වහන්සේට විරුද්ධව කැරළිගැසීමුව.
අනේ අනාගතවක්තෘවරුන් මරන්නාවූ, නුඹ ළඟට එවූවන්ට ගල්ගසන්නාවූ යෙරුසලම, යෙරුසලම, කිකිළී ඇගේ පැටවුන් පියාපත් යටට එකතුකරගන්නාක්මෙන් නුඹේ දරුවන් එකතුකර ගන්ට මම කී වරක් කැමතිවුණෙම්ද? එහෙත් නුඹලා කැමතිවුණේ නැත.
මක්නිසාද යෙරුසලමෙහි වසන්නෝද ඔවුන්ගේ මුලාදෑනිවරුද උන්වහන්සේවත් සියලු සබත් දවස්වල කියවෙන අනාගතවක්තෘවරුන්ගේ හඬවත් නොදැන, උන්වහන්සේ වරදට පත්කිරීමෙන් ඒවා සම්පූර්ණකළෝය.