ඔහු මා සමඟ කථාකරද්දී මම මුර්ඡාවී මුහුණින් බිම වැටී උන්නෙමි. ඔහු මට තට්ටුකර මා කෙළින් සිටෙව්වේය.
ඉර බස්නා කල බරවූ නින්දක් ආබ්‍රම් කෙරෙහි පැමුණුණේය; බලව, භයංකරකමක්ද මහත් අන්ධකාරයක්ද ඔහු කරා පහළවිය.
බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,
උන්වහන්සේ මට කථාකළ විට ආත්මය මා තුළට ඇතුල්වී, මා නැගුටුවා සිටෙවුවේය; මට කථාකළ තැනන් වහන්සේගේ වචනද මට ඇසුණේය.
එකල මනුෂ්‍ය පුත්‍රයන්ට සමානවූ කෙනෙක් මාගේ තොල් ස්පර්ශකෙළේය. මම වනාහි මාගේ කට ඇර, මා ඉදිරියෙහි සිටි තැනැත්තාට කථාකරමින්: මාගේ ස්වාමිනි, දර්ශනය නිසා මට රුජාවක් අල්ලා, මා තුළ කිසි ශක්තියක් ඉතිරි නොවීය.
එවිට නැවත මනුෂ්‍ය පෙනීම ඇති කෙනෙක් මට තට්ටුකර මා සවිකෙළේය.
ඔහු මා සිටි තැනටම ආවේය; ඔහු ආවිට මම භයපත්වී මුහුණින් වැටුණෙමි. නුමුත් ඔහු: මනුෂ්‍ය පුත්‍රය, කල්පනා කරන්න; මක්නිසාද දර්ශනය අදාළවන්නේ අන්තිම කාලයටයයි මට කීවේය.
එවිට දානියෙල් වන මම ක්ලාන්තවී, දවස් ගණනක් ලෙඩින් උන්නෙමි; පසුව මම නැගිට රජුගේ මෙහෙවර කෙළෙමි. මම දර්ශනය ගැන විස්මපත්ව සිටියෙමි, නුමුත් කිසිවෙක් ඒක තේරුම් නොගත්තේය.
මා සමග කථාකළ දූතයා නැවත ඇවිත් නින්දෙන් පුබුදුවනු ලබන්නාවූ මනුෂ්‍යයෙකු මෙන් මා පුබුදුවා:
උන්වහන්සේ යාච්ඤාවෙන් නැගිට, ගෝලයන් ළඟට ඇවිත්, ඔවුන් ශෝකයෙන් නිදාඉන්නවා දැක:
පේතෘස්ද ඔහු සමඟ සිටියෝද නිදිබරව උන්නෝය. ඔව්හු හොඳටම පිබිද, උන්වහන්සේගේ තේජසද උන්වහන්සේ සමඟ සිටි මනුෂ්‍යයන් දෙදෙනාද දුටුවෝය.
දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන්ට දෙනලද පොරොන්දුව බලා සිටීම ගැන මම දැන් විනිශ්චයකරනු ල බන්ට සිටිමි.
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,