Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දානියෙල් 7:1

Sinhala Revised Old Version

බබිලෝනියේ රජවූ බේල්ෂශර්ගේ පළමුවෙනි අවුරුද්දේ දානියෙල් තමාගේ යහනේදී ස්වප්නයක්ද තමාගේ හිසේ දර්ශන වගයක්ද දුටුවේය. ඔහු ස්වප්නය ලියා කාරණා සියල්ලම කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

34 හුවමාරු යොමු  

මේ කාරණාවලට පසුව ස්වාමීන්වහන්සේගේ වචනය දර්ශනයකින් ආබ්‍රම් වෙත පැමිණ: ආබ්‍රම්, භය නොවෙන්න; නුඹේ පලිහද නුඹේ ඉතා මහත් විපාකයද මමයයි කීසේක.

දෙවියන්වහන්සේ රාත්‍රියේ දර්ශනවලින් ඉශ්‍රායෙල්ට කථාකොට: යාකොබ්, යාකොබ් යයි කීසේක. මම මෙහි යයි ඔහු කීවේය.

බරවූ නින්ද මනුෂ්‍යයන් පිට පැමිණෙන වේලාවට, රාත්‍රි දර්ශනවලින් හටගන්නා සිතිවිලි වලදී,

ඉතින් මතු සදාකාලේටම තිබෙන පිණිස නුඹ ගොස් ඔවුන් ඉදිරියෙහි ඒක ලෑල්ලක ලියා පොතක සටහන්කර තබන්න.

ස්වාමීන්වහන්සේ මට කථාකොට: නුඹ මහත් ලෑල්ලක් ගෙන මනුෂ්‍යයෙකුගේ පන් හිඳෙන් ‍ මහෙර්-ෂාලාල්-හාෂ්-බස්යයි එහි ලියන්න.

ස්වප්නයක් දුටු ප්‍රොපේත තෙම ස්වප්නයක් කියාවා; මාගේ වචනය ඇත්තා මාගේ වචනය විශ්වාස ලෙස කියාවා; ධාන්‍ය සමඟ පිදුරු තිබෙන්ට යුතුකම මොකදැයි ස්වාමීන්වහන්සේ කියනසේක.

ඔහුගේ දේශයේ කාලය පැමිණ, බොහෝ ජාතීන්ද මහත් රජවරුන්ද විසින් ඔහු දාසකමට ගන්න තුරු, සියලු ජාතීහු ඔහුටත් ඔහුගේ පුත්‍රයාටත් ඔහුගේ පුත්‍රයාගේ පුත්‍රයාටත් සේවයකරන්නෝය.

එවිට යෙරෙමියා වෙන පොතක් ගෙන නේරියාගේ පුත්‍රවූ බාරුක් ලේකම්ට දුන්නේය; ඔහුද යූදාහි රජවූ යෙහෝයාකීම් ගින්නෙන් දවාදැමුවාවූ පොතේ සියලු වචන යෙරෙමියාගේ මුඛයෙන් අසා එහි ලියුවේය. ඒ වාගේ තවත් බොහෝ වචනත් ඒවාට එකතු කරනලද්දේය.

එවිට යෙරෙමියා නේරියාගේ පුත්‍රවූ බාරුක් කැඳවාගත්තේය; බාරුක්ද ස්වාමීන්වහන්සේ යෙරෙමියාට කියා තිබුණු උන්වහන්සේගේ සියලුම වචන ඔහුගේ මුඛයෙන් අසා අකුළන පොතක ලියුවේය.

තිස්වෙනි අවුරුද්දේ සතරවෙනි මාසයේ පස්වෙනිදා කෙබාර් ගංගාව ළඟ වහලට අසුවූවන් අතරේ මා සිටින කල්හි අහස විවෘතවී දේවදර්ශන මට පෙනුණේය.

දෙවියන්වහන්සේගේ දර්ශනවලින් උන්වහන්සේ ඉශ්‍රායෙල් දේශයට මා පමුණුවා, ඉතා උස්වූ කන්දක් උඩ මා සිටෙවුසේක; ඒක පිට නුවරක නිර්මාණය වැනි දෙයක් දකුණෙන් තිබුණේය.

මේ යෞවනයන් සතරදෙනාට නම් දෙවියන්වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දානියෙල්ට සියලු දර්ශනද ස්වප්නද සම්බන්ධ තේරුම තිබුණේය.

නෙබුකද්නෙශර්ගේ රජකම් කිරීමේ දෙවෙනි අවුරුද්දේදී නෙබුකද්නෙශර් ස්වප්න දුටුවේය; එයින් ඔහුගේ ආත්මය කැලඹී, ඔහුගේ නින්ද ඔහුගෙන් පහව ගියේය.

රජ තෙමේ බේල්ටෙෂශර් නම්වූ දානියෙල්ට කථාකොට: මා විසින් දුටු ස්වප්නයත් එහි අර්ථයත් මට දන්වන්ට නුඹට පුළුවන්දැයි ඇසුවේය.

මාගේ යහනේදී පැමිණි මාගේ හිසේ දර්ශන වලදී මා බලාඉන්න අතර, ශුද්ධවූ රැකවලෙක් අහසෙන් බැස්සේය.

මට භය ඉපදෙවූ ස්වප්නයක් දුටුවෙමි; මාගේ යහනේදී පැමුණුණු මාගේ සිතිවිලිද මාගේ හිසේ දර්ශනද මා කැලඹුවේය.

බේල්ෂශර් රජ තමාගේ උත්තමයන් දහසකට මහත් මංගල්‍යයක් පිළියෙළකොට, ඒ දහස ඉදිරියෙහි මුද්‍රිකපානය බීවේය.

ඔහුගේ පුත්‍රවූ බේල්ෂශර් වන ඔබ මේ සියල්ල දැනගන සිටි නුමුත් ඔබගේ සිත යටත්කර නොගෙන,

එම රාත්‍රියේ කල්දිවරුන්ගේ රජවූ බේල්ෂශර් මරනලද්දේය.

මම රාත්‍රි දර්ශනවලදී දුටිමි: බලව, අහසේ වලාකුල් සහිත මනුෂ්‍ය පුත්‍රයෙකුට සමාන කෙනෙක් ඇවිත් පුරාතන තැනන්වහන්සේ වෙතට පැමින්නේය, ඒ තැනන්වහන්සේ ඉදිරියට උන්වහන්සේ පමුණුවනු ලැබූසේක.

දානියෙල් වන මා තුළ මාගේ ආත්මය දුක්වුණේය, මාගේ හිසේ දර්ශනවලින් මම කැලඹුණෙමි.

ඉන්පසු රාත්‍රියේ දර්ශනවලදී සතරවෙනි මෘගයෙකු දුටිමි; ඌ භයානකව බලවත්ව ඉතාම ශක්තිමත්ව සිටියේය; මහත් යකඩ දත් ඌට තිබුණේය. ඌ කාදමා පොඩිකර, ඉතිරි ඒවා උගේ පාදවලින් පෑගුවේය. ඌට පළමුවෙන් සිටි සියලු මෘගයන්ට ඌ වෙනස්ය; අං දසයක් ඌට තිබුණේය.

දානියෙල් වන මට මුලදී පෙනුණු දර්ශනයට පසුව බේල්ෂෙශර් රජුගේ රජකම්කිරීමේ තුන්වෙනි අවුරුද්දේදී තවත් දර්ශනයක් මට පෙනුණේය.

ඉන්පසු මාංසමයවූ සියල්ලන් කෙරෙහි මාගේ ආත්මය වගුරුවන්නෙමි; නුඹලාගේ පුත්‍රයෝද දූවරුද අනාගතවාක්‍ය කියන්නෝය, නුඹලාගේ මහල්ලෝ ස්වප්න දකින්නෝය, නුඹලාගේ යෞවනයන්ට දර්ශන පෙනෙනවා ඇත.

සැබවින් ස්වාමිවූ දෙවියන්වහන්සේ තමන්ගේ රහස තමන් මෙහෙකරුවන්වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරනසේක.

ස්වාමීන්වහන්සේ මට උත්තරදෙමින්: දර්ශනය කියවන්නා ඉක්මනින් කියවන්ට පුළුවන් වන පිණිස එය ලෑලිවල පැහැදිලිලෙස ලියන්න.

ඒ දෙදෙනා ඉදිරියට ආවෝය. උන්වහන්සේද: මාගේ වචන අසන්න. නුඹලා අතරෙහි ප්‍රොපේත කෙනෙක් සිටීනම් ස්වාමිවූ මම ඔහුට දර්ශනයකින් ප්‍රකාශවෙන්නෙමි, හීනයකින් මම ඔහුට කථාකරන්නෙමි.

මක්නිසාද ඉවසිල්ල කරණකොටගෙනද ලියවිලිවලින් හටගන්න සැනසිල්ල කරණකොටගෙනද අප බලාපොරොත්තු ඇතුව සිටින පිණිස, පූර්වයෙහි ලියනලද සියල්ල අපගේ ඉගෙනගැනීම සඳහා ලියනලද්දේය.

පාරට්ටුකිරීම ප්‍රයෝජන නැති නුමුත් එය මට ඕනෑකෙරේ; නුමුත් ස්වාමීන්වහන්සේගේ දර්ශනයන්ද එළිදරව්කිරීම්ද කියන්නෙමි.

එබැවින් නුඹ දුටු දේද දැන් තිබෙන දේද මින්පසු සිදුවන්ට තිබෙන දේද වන,

ඔහු මොරගැසූ කල ගර්ජනා සතද තමුන්ගේ හඬ පැවැත්වූවෝය. ඒ ගර්ජනා සත ශබ්ද පැවැත්වූ කල මම ලියන්ට හැදුවෙමි. එවිට: ගර්ජනා සත ශබ්ද පවත්වා කී දේ නොලියන්න, එය මුද්‍රාකරන්නැයි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්