රජ අති උදය නැගිට, සිංහ ගුහාව ළඟට ඉක්මන්කර ගියේය.
එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය.
ඔහු ගුහාවට ළංවෙන කොටම, ශෝක හඬකින් දානියෙල්ට මොරගැසුවේය. රජතෙමේ දානියෙල්ට කථාකොට: ජීවමාන දෙවියන්වහන්සේගේ මෙහෙකරුවාවූ දානියෙල්, නුඹ නොකඩවම සේවයකරන නුඹේ දෙවියන්වහන්සේට සිංහයන්ගෙන් නුඹ ගළවන්ට පුළුවන්වීදැයි ඇසුවේය.
සබත් දවස නිමවන්ට ළංව සතියේ පළමුවෙනි දවසට එළිවෙන වේලෙහි, මග්දලායේ මරියාද අනික් මරියාද සොහොන්ගෙය බලන්ට ගියෝය.
සතියේ පළමුවෙනිදා ඉතා උදය ඉර පෑවූ කල සොහොන් ගේ ළඟට ආවෝය.
මාගේ සහෝදරවූ තීතස් සම්බ නූවූ බැවින් මාගේ ආත්මයට කිසි පහසුවක් නොලැබ, ඔවුන්ගෙන් අවසරගෙන මම මකිදෝනියට පිටත්ව ගියෙමි.
මේ නිසා මටත් තවත් ඉවසාගන්ට නොහැකිව, පරීක්ෂකයා යම් අන්දමකින් නුඹලාව පරීක්ෂා කිරීමෙන් අපේ වීර්යය හිස්වුණාදෝ කියා නුඹලාගේ ඇදහිල්ල ගැන දැනගන්නා පිණිස එවීමි.