එකෙණෙහිම මනුෂ්‍ය අතක ඇඟිලි පෙනී, පහන්රුක ඉදිරිපිට රාජ මාළිගාවේ භිත්තියේ බදාම පිට ලිවීය. රජතෙමේ ලියන අතේ කොටස දුටුවේය.
දුෂ්ටයන්ගේ ජයඝෝෂාව ලුහුඬු බවත් අභක්තිකයාගේ ප්‍රීතිය මොහොතකට පමණක් බවත් නොදන්නෙහිද?
බොහෝ වර තරවටු ලැබත් තමාගේ කුළල තදකරගන්නා ගැළවීමක් නැතුව හදිසියෙන් පොඩිකරනු ලැබේ.
බබිලෝනියේ රජු ඔවුන් ගැන කීර්තිය අසා තිබේ, ඔහුගේ අත් හෙළා වැටී තිබේ. දුක්ද බිහිකරන ස්ත්‍රියෙකුට මෙන් වේදනාවද ඔහුට අල්ලා තිබේ.
ඒ වචනය රජුගේ මුඛයෙහි තිබෙද්දීම අහසෙන් හඬක් පැමිණ: එම්බා නෙබුකද්නෙශර් රජ, රාජ්‍යය නුඹෙන් පහවිය.
එකෙණෙහිම මේ කාරණය නෙබුකද්නෙශර් කෙරෙහි සම්පූර්ණවිය. ඔහු මනුෂ්‍යයන් වෙතින් පන්වනු ලැබ, ගොනුන් මෙන් තෘණ කෑයේය, ඔහුගේ ඉසකේ රාජාලීන්ගේ පිහාටුමෙන්ද ඔහුගේ නියපොතු පක්ෂීන්ගේ නියපොතු මෙන්ද වැඩෙන තුරු, ඔහුගේ ශරීරය අහසේ පින්නෙන් තෙමුණේය.
මේ ලියවිල්ල කියවා එහි අර්ථය මට දන්වන පිණිස ශාස්ත්‍රවන්තයෝද අනවිනකාරයෝද මා ඉදිරියට පමුණුවනු ලැබුවෝය. නුමුත් කාරණාවේ අර්ථය පෙන්වන්ට ඔවුන්ට බැරිවිය.
ඔව්හු මුද්‍රිකපානය බී, රන්ද රිදීද පිත්තලද යකඩද ලීද ගල්ද වූ දෙවිවරුන් වර්ණනාකළෝය.
එකල රජුගේ මුහුණේ පාට වෙනස්විය, ඔහු තමාගේ සිතිවිලිවලින් කැලඹුණේය; ඔහුගේ කටිසන්ධි බුරුල්වී, ඔහුගේ දණහිස් එකිනෙකට වැදුණේය.
එකල රජුගේ සියලු ශාස්ත්‍රවන්තයෝ ඇතුල්වූහ. නුමුත් ඒ ලියවිල්ල කියවන්ටවත් එහි අර්ථය රජුට දන්වන්ටවත් ඔවුන්ට පුළුවන් නොවීය.
අපට විරුද්ධව, අපට එදිරිව තිබුණාවූ නියෝගවල ලියවිල්ල මකාදමා, ඒක කුරුසියෙහි ඇණගසා අහක්කළසේක.