ඔව්හු නෙබුකද්නෙශර් රජුට කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා.
එවිට බැත්-ෂෙබා මුහුණින් බිමට නැමී රජුට වැඳ: මාගේ ස්වාමිවූ දාවිත් රජ්ජුරුවෝ සදහටම ජීවත්වේවයි කීවාය.
කල්දිවරු අරාම් භාෂාවෙන් රජුට කථාකර: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා. ඔබගේ මෙහෙකරුවන්ට ස්වප්නය කිව මැනවි, එවිට අපි අර්ථය තෝරාදෙන්නෙමුයයි කීවෝය.
රජුගේද ඔහුගේ උත්තමයන්ගේද වචන නිසා බිසව භෝජනශාලාවට ඇතුල්වී කථාකොට: රජ්ජුරුවෝ සදාකාලේටම ජීවත්වේවා; ඔබගේ සිතිවිලි ඔබ නොකලඹාවා, ඔබගේ මුහුණේ පාටද වෙනස් නොවේවා.
එවිට දානියෙල් රජුට කථාකොට: රජ්ජුරුවෙනි, ඔබ සදාකාලයටම ජීවත්වේවා.
එකල ඒ අමාත්‍යයෝද දිසාපතීහුද රජු වෙතට රැස්ව ඔහුට කථාකොට: දාරියුස් රජ්ජුරුවෝ සදාකාලයටම ජීවත්වේවා.
එබැවින් සියල්ලන්ට දෙන්ට යුතු දේ දෙන්න. සුංගම් දෙන්ට නිස්සාට සුංගම්ද අයබදු දෙන්ට නිස්සාට අයබදුද දෙන්න; භයවෙන්ට නිස්සාට භයවෙන්න; ගෞරව ලබන්ට නිස්සාට ගෞරවකරන්න.