එකල ඔව්හු ඒ මනුෂ්‍යයන් ඔවුන්ගේ පොරෝනද සැට්ටද සළුද වෙනත් වස්ත්‍රද පිටින් බැඳ, ඇවිළෙන ගිනි උදුන මැදට හෙළූහ.
එවිට යෝසෙප්ගේ ස්වාමියා ඔහු ගෙන රජහුගේ හිරකාරයන් බඳිනලද ස්ථානයවූ හිරගෙයි දැමීය. එහි ඔහු හිරගෙයි සිටියේය.
බබිලෝනියේ දාසව සිටින සියලුම යූදාවරුන්ද බබිලෝනියේ රජු විසින් ගින්නෙන් පිළිස්සුවාවූ ශෙදෙකියාටත් අහාබ්ටත් ස්වාමීන්වහන්සේ නුඹ සමානකරනසේක්වයි කියා ඔවුන් ගැන ශාප-වචනයක් ව්‍යවහාරකරනවා ඇත.
තවද ෂද්‍රක්ද මේෂක්ද අබේද්නෙගෝද බැඳ, ඇවිළෙන ගිනි උදුනට හෙළන්ට ඔහු තමාගේ සේනාවේ බලවත් මනුෂ්‍යයන්ට අණකෙළේය.
දිසාපතීහුද අධිපතියෝද ආණ්ඩුකාරයෝද රජුගේ මන්ත්‍රීවරුද රැස්ව, ඒ මනුෂ්‍යයන්ගේ ශරීර කෙරෙහි ගින්න බල නොපැවැත්වූ බවත් ඔවුන්ගේ ඉසකේවත් නොදෑ බවත් ඔවුන්ගේ පොරෝන වෙනස්වෙලාවත් ගිනිගඳ ඔවුන්ට වැදීලාවත් නැති බවත් දුටුවෝය.
බිම වැටී නමස්කාර නොකරන කවුරුනුමුත් එවේලෙහිම ඇවිළෙන ගිනි උදුනක් මැදට හෙළනු ලබන්නේයයි කීවේය.
ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය.