Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දානියෙල් 2:35

Sinhala Revised Old Version

එකල යකඩද මැටිද පිත්තලද රිදීද රත්රන්ද එකවිටම පොඩිවී, ග්‍රීෂ්ම කාලයේ පාවරවල බොල් මෙන් වී, ඒවා කිසිම ස්ථානයක නොතිබෙන ලෙස සුළඟට ගසාගනගියේය. රූපයට ගැසූ ගලද මහත් කන්දක් වී, මුළු පොළොව එයින් පිරුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

28 හුවමාරු යොමු  

ඒවා උණුවූ කල නොපෙනී යන්නේය. ග්‍රීෂ්මවෙනවිට ඒවායේ ස්ථානයෙන් හිඳී යන්නේය.

මක්නිසාද හුළඟ වැදී එය නැතිවී යයි; එය තිබුණු ස්ථානයද තවත් එය දැනනොගන්නේය.

පොළොවේ සියලු සීමාවෝ සිහිකරමින් ස්වාමීන් වෙතට හැරෙන්නෝය. ජාතීන්ගේ සියලු ගෝත්‍රයෝ ඔබ ඉදිරියෙහි නමස්කාරකරන්නෝය.

මද කලකින් දුෂ්ටයා නැතිවන්නේය. එසේය, නුඹ ඔහුගේ ස්ථානය පරීක්ෂාකර බලන්නෙහිය, ඔහු සම්බනොවන්නේය.

එහෙත් යමෙක් ළඟින් ගිය කල, බලව, ඔහු එහි නැත. එසේය, ඔහු සෙවුවෙමි, නුමුත් මට සම්බ නොවීය.

උන්වහන්සේ පොළෝ කෙළවර දක්වා යුද්ධ නවත්වනසේක; දුන්න බිඳ, හෙල්ලය කපාදමා, රථ ගින්නෙන් දවනසේක.

පොළොවේ සියල්ලෝම ඔබට නමස්කාරකරන්නෝය, ඔබට ගී කියන්නෝය; ඔබගේ නාමයට ගී කියන්නෝයයි දෙවියන්වහන්සේට කියව්.

ස්වාමිනි, ඔබ මැවූ සියලු ජාතීහු ඔබ ඉදිරියට ඇවිත් නමස්කාරකරමින්, ඔබගේ නාමයට ගෞරවකරන්නෝය.

මාගේ ශුද්ධ කන්දේ සීමා තුළෙහි කිසි අනතුරු කිරීමක්වත් විනාශ කිරීමක්වත් නොවන්නේය. මක්නිසාද ජලයෙන් මුහුද වැසී තිබෙන්නාක්මෙන්, ස්වාමීන්වහන්සේ ගැන දැනගැන්මෙන් පොළොව පිරීයන්නේය.

ජනයෙනි, ඝෝෂාකරන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; දුර රටවල වසන සියල්ලෙනි, කන්දෙන්න. ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය; ආයුධ බැඳගන්න, නුඹලා කැබලිකරනු ලබන්නහුය;

ඒ රජුන්ගේ දවස්වලදී ස්වර්ගයේ දෙවියන්වහන්සේ කිසිකලක නැති නොවන්නාවූ රාජ්‍යයක් පිහිටුවනසේක, ඒකේ ආණ්ඩුව අන් සෙනඟකට අත්අරිනු නොලබන්නේය;

එබැවින් ඔව්හු උදයේ වලාකුළ මෙන්ද ඉක්මනින් පහවයන පිනි මෙන්ද සුළිහුළඟ කරණකොටගෙන කමතෙන් ගසාගෙනයන බොල් මෙන්ද දුම් කවුළුවෙන් යන දුම මෙන්ද වන්නෝය.

සියොන් දුව නැගිට මඩින්න. මක්නිසාද මම නුඹේ අඟ යකඩ කරන්නෙමි, නුඹේ කුර පිත්තල කරන්නෙමි. නුඹ බොහෝ ජනයන් පොඩිකර, ඔවුන්ගෙන් ගන්න කොල්ලය ස්වාමීන්වහන්සේටත් ඔවුන්ගේ සම්පත් මුළු පොළොවේ ස්වාමීන්වහන්සේටත් කැප කරන්නෙහිය.

ඒ කාලයේදී මම සියලු ජනයන්ට යෙරුසලම බරවූ ගලක් කරන්නෙමි; එය උස්සාගන්න සියල්ලෝ බොහෝසේ තුවාල ලබන්නෝය; පොළොවේ සියලු ජාතීහුද ඊට විරුද්ධව රැස්වන්නෝය.

මක්නිසාද උන්වහන්සේ සියලු සතුරන් තමන්වහන්සේගේ පාද යට දමන තුරු රජකම්කරන්ට ඕනෑය.

සත්වෙනි දේවදූතයාද පිම්බේය; එවිට: ලෝකයේ අධිපතිකම අපගේ ස්වාමීන්වහන්සේටද තමන් ක්‍රිස්තුස්වහන්සේටද වූයේය. උන්වහන්සේ සදාකාලේටම රජකම්කරනසේකැයි කියන මහත් ශබ්ද ස්වර්ගයෙහි විය.

ජය නොලැබුවෝය, ඔවුන්ට සර්වර්ගයෙහි ස්ථානයක් තවත් නොවීය.

තවද මහත් සුදු සිංහාසනයක්ද එහි වැඩහුන් තැනන්වහන්සේද දුටිමි, උන්වහන්සේගේ අභිමුඛයෙන් අහසත් පොළොවත් පලාගියේය; ඒවාට ස්ථානයක් සම්බනූණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්