Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



දානියෙල් 2:25

Sinhala Revised Old Version

එකල අරියොක් තෙමේ දානියෙල් රජු ඉදිරියට ඉක්මනින් කැඳවාගෙන ගොස්, රජුට කථාකොට: යූදා රටෙන් අල්ලාගන ආ තැනැත්තන් අතරෙහි රජුට අර්ථය දන්වන මනුෂ්‍යයෙක් මට සම්බවීයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

එවිට ඵාරාවෝ පණිවිඩ යවා යෝසෙප් කැඳවීය, ඔව්හු වහාම ඔහු ඇඳිරිගෙයින් ගෙනාවෝය. ඔහු රැවුළ කපාගෙන තමාගේ වස්ත්‍ර මාරුකර ඵාරාවෝ වෙතට ආයේය.

එහි ලියා තිබුණේ මෙසේය: බබිලෝනියේ රජවූ නෙබුඛද්නෙශර් විසින් ගෙනගිය අයින්ගෙන් වාල්කමෙන් මිදී යෙරුසලමටත් යූදාහි තම තමුන්ගේ නුවරවලටත්

මරණයට ගෙනයනු ලබන්නන් ගළවාගන්න, මරනු ලබන්ට වෙවුලමින් යන්නන්ද මුදාලන්ට බලාගන්න.

කරන්ට නුඹේ අතට සම්බවෙන සියල්ලම නුඹේ වීර්යයෙන් කරන්න; මක්නිසාද නුඹ යන මිනීවළෙහි වැඩක්වත් යෝජනාවක්වත් දැනගැන්මවත් ප්‍රඥාවවත් නැත.

ඔවුන් අතරේ යූදා පුත්‍රයන්ගෙන් දානියෙල්ද හනනියාද මීෂායෙල්ද අසරියාද වූවෝය.

එකල දානියෙල් රජු ඉදිරියට පමුණුවනලද්දේය. රජතමේ දානියෙල්ට කථාකොට: මාගේ පිය රජ්ජුරුවන් යූදාරටින් අල්ලාගන ආ යුදෙව්වරුන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් නුඹද?

එවිට ඔව්හු රජු ඉදිරියේ උත්තරදෙමින්; රජ්ජුරුවෙනි, යූදාරටෙන් අල්ලාගන ආ තැනැත්තන්ගෙන් එක්කෙනෙක්වූ දානියෙල් ඔබ සහ ඔබ විසින් අත්සන්කළ තහනම නොසලකා, දවසට තුන්වරක් තමාගේ යාච්ඤාව ඔප්පුකරන්නේයයි කීවෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්