සති තුනක්ම පසුවෙන තුරු මා රස ආහාර කෑවේවත් මස් හෝ මුද්‍රිකපානය මාගේ කටට ගත්තේවත් තෙල් ගාගත්තේවත් නැත.
සාවුල්ගේ පුත්‍රවූ මෙපිබොෂෙත් රජුගේ පෙරමගට ආයේය; ඔහු රජු ගිය දා පටන් සමාදානයෙන් ආ දවස දක්වා තමාගේ පාදත් රැවුලත් හරිගස්සා ගත්තේවත් තමාගේ ඇඳුම් සේදුවේවත් නැත.
ඔහුගේ ප්‍රාණය කෑමටද ඔහුගේ ආත්මය රස භෝජනයටද අප්‍රියකරන්නේය.
ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.
හෙතෙම ඔවුන්ගේ දෙවිවරුන්ද ඔවුන්ගේ වාත්තු පිළිමද ඔවුන්ගේ අනර්ඝ රිදී රත්රන් බඩුද අල්ලා මිසරයට ගෙනයන්නේය. තවද ඔහු උතුරු දිශාවේ රජුගෙන් අවුරුදු ගණනක් වැලෙකනවා ඇත.
එකල රජ තමාගේ මාළිගාවට ගොස්, නිරාහාරයෙන් රාත්‍රිය පසුකෙළේය. තූර්යභාණ්ඩ ඔහු ඉදිරියට නොගෙනාවෝය. ඔහුගේ නින්දත් ඔහුගෙන් පහවගියේය.
එබැවින් නුඹලා දුප්පතා පාගා, ඔහුගෙන් ධාන්‍ය-ඔතු ගන්න නිසා, නුඹලා කැපූ ගල්වලින් ගෙවල් ගොඩනගාගන සිටින නුමුත් නුඹලා ඒවායේ වාසය නොකරන්නහුය; නුඹලා ප්‍රියවූ මිදිවතු වවාගන සිටින නුමුත් එයින් මුද්‍රිකපානය නොබොන්නහුය.
රිදී කොල්ලකාගන්න, රන් කොල්ලකාගන්න. වස්තුද නිමක් නැත, අනර්ඝවූ සියලු ආකාර බඩු රාශියක් ඇත්තේය.
නුමුත් නුඹ නිරාහාරයෙන් ඉන්න කල්හි රහසිගතව වසන නුඹේ පියාණන්වහන්සේට මිස නුඹ නිරාහාරයෙන් ඉන්න බව මනුෂ්‍යයන්ට නොපෙනෙන පිණිස,
නුඹ මාගේ හිසේ තෙල් ගෑවේ නැත. නුමුත් මෑ මාගේ පාදවල සුවඳ තෙල් ගෑවාය.
නුමුත් මාගේ ශරීරය දමනයකර වහල්කමට පමුණුවමි. එසේ කරන්නේ අනුන්ට දේශනාකළාට පසු කොයිලෙසකින්වත් මාම එපාකරනු නොලබන පිණිසය.