ඔහු මට කථාකොට: දානියෙල්, භය නොවන්න; මක්නිසාද නුඹ තේරුම්ගන්ටත් නුඹේ දෙවියන්වහන්සේ ඉදිරියෙහි යටත්වෙන්ටත් නුඹේ සිත යොමුකරගත් පළමුවෙනිදා සිට නුඹේ වචන අසනු ලැබීය. මමද නුඹේ වචන නිසා ආවෙමි.
මා ඇඬූ කලද නිරාහාරව සිටීමෙන් මාගේ ආත්මයට දුක් ඉපදවූ කලද එය මට නින්දාවක් විය.
භය සිත් ඇත්තන්ට කථාකොට: භයනොවී ශක්තිමත් වෙන්න. බලව, නුඹලාගේ දෙවියන්වහන්සේ පළිගැනීම වන දෙවියන්වහන්සේගේ විපාකදීම ඇතුව එනසේක; උන්වහන්සේම ඇවිත් නුඹලා ගළවනසේකැයි කියන්න.
භය නොවෙන්න, මක්නිසාද මම නුඹ සමඟ සිටිමි; තැති නොගන්න, මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය. මම නුඹ ශක්තිමත්කොට, නුඹට උපකාර කරන්නෙමි; එසේය, මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් නුඹ උසුලන්නෙමි.
පණුවෙක් වැනිවූ යාකොබ් නුඹද ඉශ්‍රායෙල් මනුෂ්‍යයෙනි නුඹලාද භය නොවෙන්න; මම නුඹට පිහිටවන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක, නුඹේ මිදුම්කාරයාණෝ ඉශ්‍රායෙල්ගේ ශුද්ධ තැනන්වහන්සේය.
එවිට නුඹ යාච්ඤාකරන්නෙහිය, ස්වාමීන්වහන්සේ උත්තරදෙනසේක; නුඹ මොරගසන කල්හි: මම මෙහියයි උන්වහන්සේ කියනසේක. නුඹ වියගහද ඇඟිල්ල දික්කිරීමද දුෂ්ටලෙස කථා කිරීමද නුඹ වෙතින් පහකරන්නෙහි නම්,
ඔවුන් යාච්ඤාකරන්ට පළමුවෙන් මම උත්තරදෙන්නෙමි, ඔවුන් කථාකරද්දීම අසන්නෙමි.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යයාවූ දානියෙල්, මා විසින් නුඹට කියන වචන කල්පනාකර, නැගිට කෙළින් සිටින්න; මක්නිසාද මම දැන් නුඹ ළඟට එවනලද්දෙමියි කීවේය. ඔහු ඒ වචනය මට කී විට මම වෙවුලමින් සිටියෙමි.
ඔහු මට කථාකොට: බොහෝ ප්‍රේමලත් මනුෂ්‍යය, භය නොවන්න. නුඹට සමාදානය වේවා, සවිවෙන්න, සවිවෙන්නැයි කීවේය. ඔහු මට කථාකළ විට මම සවිවී: ස්වාමීන්වහන්සේ කථාකරනසේක්වා, ඔබ මා සවිකළසේකැයි කීවෙමි.
එය නුඹලාට නිරන්තර පනතක් වන්නේය. සත්වෙනි මාසේ දසවෙනි දිනදී නුඹලාගේ ප්‍රාණවලට පීඩාකරගත යුතුය, ස්වදේශියාවත් නුඹලා අතරේ වසන විදේශියාවත් කිසිම වැඩක් නොකළ යුතුය.
ඒක නුඹලාට ශුද්ධවූ නිවාඩුවක් වන සබතක්ය, නුඹලා නුඹලාගේ ආත්මවලට දුක් දිය යුතුය. එය සදාකාල නියෝගයක්ය.
මේ සත්වෙනි මස දසවෙනි දවසේ ශුද්ධ රැස්වීමක් පවත්වා කිසි ආකාර වැඩක් නොකර දුක් විලාසයෙන් සිටින්න.
එකල යේසුස්වහන්සේ ඔවුන්ට කථාකොට: භය නොවෙන්න, මාගේ සහෝදරයන් ළඟට ගොස්, ගලීලයට පිටත්ව යන්ට ඔවුන්ට කියන්න, එහිදී ඔවුන් මා දකිනවා ඇතැයි කීසේක.
දේවදූතයා ඒ ස්ත්‍රීන්ට කථාකරමින්: භය නොවෙන්න; මක්නිසාද කුරුසියෙහි ඇණ ගසනලද යේසුස්වහන්සේව නුඹලා සොයන බව දනිමි.
ඔහු ඔවුන්ට කථාකොට: භීත නොවෙන්න. නුඹලා වනාහි කුරුසියෙහි ඇණගසනලද නාසරිය යේසුස්වහන්සේ සොයන්නහුය. උන්වහන්සේ නැගුටුණුසේක; උන්වහන්සේ මෙහි නැත. මෙන්න, ඔවුන් උන්වහන්සේ තැබූ ස්ථානය!
නුමුත් දේවදූතයා ඔහුට කථාකොට: සෙකරියස්, භය නොවන්න. මක්නිසාද නුඹේ කන්නලව්ව අසනලද්දේය, නුඹේ භාර්යාවවූ එලිසබෙත් නුඹ නිසා පුත්‍රයෙකු බිහිකරන්නීය, ඔහුට යොහන් යන නම තබන්න.
දේවදූතයා ඈට කථාකොට: මරියා, භය නොවන්න. මක්නිසාද නුඹට දෙවියන්වහන්සේගෙන් කරුණාව ලැබුණේය.
දේවදූතයා ඔවුන්ට කථාකොට: භය නොවෙන්න; බලව, මුළු සෙනඟට මහත් ප්‍රීති උපදවන යහපත් ආරංචි නුඹලාට ගෙනෙමි.
උන්වහන්සේ ඔවුන්ට කථාකොට: නුඹලා කැලඹෙන්නේ මක්නිසාද? නුඹලාගේ සිත්වල ශංකා හටගන්නේ මක්නිසාද?
පාවුල් භය නොවන්න; නුඹ කායිසර් ඉදිරියෙහි සිටින්ට ඕනෑය. බලව, නුඹ සමඟ නැවෙන් යන්නාවූ සියල්ලන්ද දෙවියන්වහන්සේ නුඹට දුන්සේකැයි කීවේය.
මම උන්වහන්සේ දුටු විට මළ කෙනෙකු මෙන් උන්වහන්සේගේ පාමුල වැටුණෙමි. එවිට උන්වහන්සේ තමන් දකුණත මා පිට තබා කියනසේක්: භය නොවන්න; මම පළමුවෙනියා සහ අන්තිමයාය,