නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් ටිකෙන් ටික පහකර දමනවා ඇත. නුඹ ඉක්මනින් ඔවුන් නැතිකර නොදැමිය යුතුය, එසේ කළොත් වන මෘගයෝ නුඹට විරුද්ධව වැඩිවන්නෝය.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
නුමුත් යෙරුසලමේ වාසයකළ යෙබූසිවරුන් පන්නාදමන්ට යූදා පුත්‍රයන්ට නොහැකි විය. අද දවස දක්වා යෙබූසිවරු යූදා පුත්‍රයන් සමඟ යෙරුසලමෙහි වාසයකරති.