ස්වාමීන්වහන්සේ සියලු රෝග නුඹ කෙරෙන් පහකොට, නුඹ දන්නාවූ මිසරයේ අරිෂ්ට රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවා, නුඹට වෛරවන සියල්ලන් පිට ඒවා තබනවා ඇත.
නුඹට කිසි නපුරක් නොපැමිණෙන්නේය, නුඹේ කූඩාරමට වසංගතයක් ළං නොවන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම්කන්දී උන්වහන්සේගේ ඇස් හමුවෙහි හරිව තිබෙන දේ කොට උන්වහන්සේගේ ආඥාවලට කන්දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂාකරන්නෙහිනම් මිසරවරුන් පිට මා පැමිණෙවු රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක්නිසාද මම වනාහි නුඹ සුවකරන්නාවූ ස්වාමීන්වහන්සේයයි කීසේක.
නුඹලා නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මෙහෙකරන්න, උන්වහන්සේ නුඹේ භෝජනයටත් නුඹේ වතුරටත් ආශීර්වාද කරනසේක; මම නුඹ මධ්‍යයෙන් රෝග ඉවත්කරන්නෙමි.
ගඩු නිසා මායාකාරයන්ට මෝසෙස් ඉදිරිපිට සිටින්ට නුපුළුවන් වූයේය; මක්නිසාද මායාකාරයන් සහ සියලු මිසරවරුන්ට ගඩු හැදුණේය.
සුවවිය නොහැකි ලෙස ස්වාමීන්වහන්සේ මිසරයේ ගඩුවලින්ද අර්ශස්වලින්ද පිළිකාවලින්ද හොරිවලින්ද නුඹට පහරදෙනසේක.
නුඹට භය ඉපදෙවූවාවූ මිසරයේ සියලු රෝගත් නුඹ පිටට නැවත පමුණුවනසේක; ඒවාද නුඹට ඇලී තිබෙන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේද මේ සියලු ශාප නුඹට පීඩා කළාවූ නුඹේ සතුරන් පිටද නුඹට වෛරවෙන්නන් පිටද තබනවා ඇත.