මා ඇර අන් දෙවිවරුන් ඇතුව නොසිටුව.
මිසර දේශයෙන් නුඹ පිටතට ගෙනාවාවූ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මමය. නුඹේ කට හොඳටම හරුව, මමද එය පුරවන්නෙමි.
නුඹ වෙත අන් දෙවියෙක් නොවේවා; විදේශි දෙවියෙකුටද නමස්කාර නොකරව.
එවිට යේසුස්වහන්සේ: සාතන් අහක්ව යව. මක්නිසාද–නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නමස්කාරකරව, උන්වහන්සේට පමණක් සේවයකරවයි ලියා තිබේයයි ඔහුට කීසේක.
පියාණන්වහන්සේ කවරෙකුවත් විනිශ්චය නොකොට සියලු විනිශ්චයම පුත්‍රයාටදී තිබේ. පුත්‍රයාට ගෞරව නොකරන්නා ඔහු එවූ පියාණන්වහන්සේටත් ගෞරව නොකරයි.
නුඹලාගේ සිත් රැවටී, නුඹලා අහක්ව ගොස්, අන් දෙවිවරුන්ට සේවයකරමින් නමස්කාර නොකරන හැටියට බලාගන්න.
අන් දෙවිවරුන් වන නුඹලා වටකර සිටින ජාතීන්ගේ දෙවිවරුන් අනුව නොයන්න;
මාගේ පිය දරුවෙනි, දේවතා රූපවලින් දුරුව සිටින්න.