කන්ද ගින්නෙන් ඇවිළෙද්දී අන්ධකාරය මැදින් පැමිණි හඬ නුඹලාට ඇසුණු කල්හි නුඹලා එනම් නුඹලාගේ ගෝත්‍රවල සියලු ප්‍රධානියෝද නුඹලාගේ වැඩිමහල්ලෝද මා ළඟට අවුත් කථාකොට:
ඒ හැටියට හොරේබ්හි රැස්වීමේ දවසේදී නුඹ කථාකොට: මා නොනස්නා පිණිස මාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬ නැවත මට නොඇසේවා, මේ මහත් ගින්නත් තවත් මට නොපෙනේවයි කියා නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් නුඹ ඉල්ලුවෙහිය.
මේ වචන ස්වාමීන්වහන්සේ කන්දේදී ගින්නද වලාකුළද කළුවරද මැද සිට නුඹලාගේ මුළු සභාවට මහත් හඬකින් කීසේක. උන්වහන්සේ තවත් නොකියා ඒවා ගල්ලෑලි දෙකක ලියා මට දුන්සේක.
බලව, අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ තේජසද මහන්තත්ත්වයද දැක්වූසේක, උන්වහන්සේගේ හඬද ගින්න මැදින් අපට ඇසුණේය. දෙවියන්වහන්සේ මනුෂ්‍යයා සමඟ කථාකරලාත් ඔහු ජීවත්ව සිටින බව අද දවසේ අපි දුටිමුව.
එවිට මම හැරී කන්දෙන් බැස්සෙමි, කන්ද ගින්නෙන් ඇවුළුණේය. ගිවිසුමේ ලෑලි දෙක මාගේ දෑතෙහි තිබුණේය.