Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 4:43

Sinhala Revised Old Version

ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

12 හුවමාරු යොමු  

රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.

මෙරාරීගේ පුත්‍රයන්ට ඔවුන්ගේ පවුල් ප්‍රකාරයට රූබෙන් ගෝත්‍රයෙන්ද ගාද් ගෝත්‍රයෙන්ද සාබුලොන් ගෝත්‍රයෙන්ද නුවරවල් දොළොසක් පස ඇට දැමීමෙන් ලැබුණේය.

කොහාත්ගේ පුත්‍රයන්ගෙන් අනික් පවුල් වලට ඔවුන්ගේ සීමා තුළෙහි වූ නුවරවල් එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් ලැබුණේය.

ගේර්ෂොම්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රය යන පවුලෙන් බාෂාන්හි ගෝලාන් සහ ඒකේ පිට-බිම්ද අෂ්තාරොත් සහ ඒකේ පිට-බිම්ද;

ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි රාමොත් සහ ඒකේ පිට-බිම්ද

යොර්දානෙන් එගොඩ නැගෙනහිර දෙස නුවරවල් තුනක් වෙන්කෙළේය; එසේ කළේ ඔහු එයින් එකකට පලාගොස් ජීවත්වන පිණිසය.

මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි තැබූ ව්‍යවස්ථාව මේය.

යෙරිකෝවට නැගෙනහිරෙන් යොර්දානෙන් එගොඩ රූබෙන් ගෝත්‍රයෙන් තලාවේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද් ගෝත්‍රයෙන් ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේ ගෝත්‍රයෙන් බාෂාන්හි තිබෙන ගෝලාන්ද ඔව්හු නියමකළෝය.

ඔවුන් ලෙවීවරුන්ගේ පවුල්වලට අයිතිවූ ගේර්ෂොන්ගේ පුත්‍රයන්ට මනස්සේගේ අර්ධ ගෝත්‍රයෙන් දුන්නේ මිනී මරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ බාෂාන්හි තිබෙන ගෝලාන් සහ එහි පිට-බිම්ද බෙ-යෙෂ්තෙරා සහ එහි පිට-බිම්ද යන නුවරවල් දෙකය.

රූබෙන් ගෝත්‍රයෙන් බෙශෙර් සහ එහි පිට-බිම්ද යාහශ් සහ එහි පිට-බිම්ද,

ගාද් ගෝත්‍රයෙන්, මිනීමරන අය උදෙසා නියමකළ ආරක්ෂා නුවරක්වූ ගිලියද්හි තිබෙන රාමොත් සහ එහි පිට-බිම්ද




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්