කාන්තාර දේශයකදීද පාළුවූ භයංකරවූ වනයේදීද ඔහු උන්වහන්සේට සම්බවිය; උන්වහන්සේ ඔහු වටකරගෙන, ඔහු රැක බලාගෙන, තමන් ඇසේ කළුරුවාව මෙන් ඔහු රක්ෂාකළ සේක.
තමාට සිද්ධවූ සියල්ල තමාගේ භාර්යාවවූ සෙරෙෂ්ටද තමාගේ සියලු මිත්‍රයින්ටද කීවේය. එවිට ඔහුගේ උපදේශකයෝද ඔහුගේ භාර්යාවවූ සෙරෙෂ්ද ඔහුට කථාකොට: නුඹ මොර්දෙකයි ඉදිරියෙහි වැටෙන්ට පටන්ගත්තෙහිය, ඔහු යුදෙව් වංශයේ කෙනෙක් නම් ඔහුට විරුද්ධව සිටින්ට නුඹට බැරිවෙයි, ඔහු ඉදිරියෙහි නුඹ වැටෙනවාම ඇතැයි කීවෝය.
උන්වහන්සේ අධිපතීන් කෙරෙහි නින්දාව වගුරුවා, මං නැති පාළු තැන්වල මුළාවයන්ට සලස්වනසේක.
මාගෙන් කොල්ලකන්නාවූ දුෂ්ටයන්ගෙන්ද මා මරන්ට කැමතිවූ මා වටකරගන්න සතුරන්ගෙන්ද
මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න; මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක්ෂාකරන්න.
තම ප්‍රේමවන්තයාට හේත්තුවී කාන්තාරයෙන් නැගීඑන්නාවූ මේ තැනැත්තිය කවුද? ජම්බු ගස යටදී මම නුඹ පිබිදෙවු වෙමි. එහි නුඹේ මෑණියෝ නුඹ ගැන රුජා වින්දාහ, එහි නුඹේ දිනිතිය බිහිකරන වේදනාවෙන් සිටියාය.
ඔවුන්ගේ සියලුම දුක්වලදී උන්වහන්සේ දුක්වූසේක, උන්වහන්සේගේ අභිමුඛය වන දූත තෙමේ ඔවුන් ගැළෙවුවේය. උන්වහන්සේ තමන්ගේ ප්‍රේමයෙනුත් දයාවෙනුත් ඔවුන් මුදා, පුරාණයේ සියලුම දවස්වල ඔවුන් උසුලා ගෙන ගියසේක.
පටිය මනුෂ්‍යයෙකුගේ ඉඟට ඇලෙන්නාක්මෙන් මට සෙනඟක්ද නාමයක්ද ප්‍රශංසාවක්ද තේජසක්ද වන පිණිස මුළු ඉශ්‍රායෙල් වංශයද මුළු යූදා වංශයද මට ඇලුම්වෙන්ට සැලැස්වීමි. නුමුත් ඔව්හු අසන්ට අකැමැතිවූවෝයයි ස්වාමීන්වහන්සේ කියනසේක.
මේ දේ නුඹට පමුණුවා ගත්තේ නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ මාර්ගයෙහි ගෙනෙන කල නුඹ විසින් උන්වහන්සේ අත්හැරිය නිසා නොවේද?
මිසර දේශයෙන් අප පිටතට ගෙන, මරුකතර සහ වළවල් ඇත්තාවූ දේශයක්ද මරණයේ සෙවණ ඇත්තාවූ දේශයක්ද කිසිවෙකු නොගැවසුණාවූ කිසි මනුෂ්‍යයෙකු වාසය නොකළාවූ දේශයක්ද වන කාන්තාරය මැදින් අප ගෙනාවාවූ ස්වාමීන්වහන්සේ කොයිදැයි ඔව්හු නෑසුවෝය.
නුඹට අනුකම්පාකොට මේවායින් එකක්වත් නුඹට කරන ලෙස කිසි ඇසක් නුඹට දයා නොවීය; නුඹ උපන් දවසේදී නුඹේ ප්‍රාණය පිළිකුල් එකක් ලෙස සලකා නුඹ කෙතේ දමනු ලැබුවෙහිය.
මිසර දේශයේ කාන්තාරයේදී මම නුඹලාගේ පියවරුන් සමඟ විනිශ්චයට පැමුණුණාක්මෙන් නුඹලා සමඟත් විනිශ්චයට පැමිණෙන්නෙමියි ස්වාමිවූ දෙවියන්වහන්සේ කියනසේක.
එහෙත් මම එප්‍රායිම්ට ඇවිදින්ට ඉගැන්වීමි; මාගේ අත්වලින් ඔවුන් වඩාගතිමි; එහෙත් ඔවුන්ට සුවකළේ මා බව ඔව්හු නොදැන සිටියෝය.
මම වනාහි නිරුදක දේශයක් වන කාන්තාරයේදී නුඹ ඇඳින්නෙමි.
ස්වාමීන්වහන්සේද ශුද්ධවූ දේශයෙහි තමන්ගේ කොටස ලෙස යූදා උරුමකරගන, යෙරුසලම නැවත තෝරාගන්නසේක.
මක්නිසාද සේනාවල ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: ගෞරවය පැමුණුනායින් පසු උන්වහන්සේ නුඹලාගෙන් කොල්ලකෑ ජාතීන් ළඟට මා ඇරියසේක. මක්නිසාද නුඹලාට අත ගසන්නා උන්වහන්සේගේ ඇසේ කළු ඉංගිරියාවට අතගසන්නේය.
ව්‍යවස්ථාවෙන් උගන්වනු ලැබ, උන්වහන්සේගේ කැමැත්ත දැන, වඩා උතුම් කාරණා මොනවාදැයි විමසා බලන්නෙහිනම්, නුඹ දැනගැනීමේද සැබෑකමේද විලාසය ව්‍යවස්ථාවෙන් ලැබ,
සියලු ආකාරයෙන් බොහෝය. පළමුවෙන්ම, දෙවියන්වහන්සේගේ වාක්‍ය ඔවුන්ට භාරදෙනලද්දේය.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට අණකළ ලෙස අපි හොරේබ්හි සිට ගමන් ගෙන අමෝරිවරුන්ගේ කඳුකරයට යන මාර්ගයෙන් නුඹලා දුටු ඒ මහත්වූ භයංකරවූ මුළු කාන්තාරය මැදින් ගොස් කාදෙෂ්-බර්නේයට පැමිණියෙමු.
මනුෂ්‍යයෙකු තමාගේ පුත්‍රයා උසුලා ගෙනයන්නාක් මෙන් නුඹලා මේ ස්ථානයට පැමිණෙන තෙක් ආවාවූ මුළු මාර්ගයෙහිම නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ උසුලා ගෙනා බව නුඹ දැකලා තිබේ.
උන්වහන්සේ නුඹට උගන්වන පිණිස තමන්වහන්සේගේ හඬ අහසෙන් නුඹට ඇසෙන්ට සලස්වා, පොළොව පිට තමන්වහන්සේගේ මහත් ගින්න නුඹට දැක්වූසේක; උන්වහන්සේගේ වචනද ගින්න මැදින් නුඹට ඇසුණේය.