නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට පෙරටුව එතරට යනසේක; උන්වහන්සේම නුඹ ඉදිරියෙන් මේ ජාතීන් විනාශකරනසේක, නුඹ ඔවුන්ගේ දේශය හිමිකරගන්නෙහිය. ස්වාමීන්වහන්සේ කී ලෙස යෝෂුවා නුඹට පෙරටුව යන්නේය.
ඉශ්‍රායෙල් යෝසෙප්ට කථාකොට: බලව, මම නසිමි. එහෙත් දෙවියන්වහන්සේ නුඹලා සමඟ සිට නුඹලාගේ පියවරුන්ගේ දේශයට නැවත නුඹලා පමුණුවනසේක.
අපේ පියවරු ඒක භාරගෙන, දෙවියන්වහන්සේ විසින් අපේ පියවරුන් ඉදිරියෙන් පන්නාදැමූ ජාතීන්ගේ දේශය අයිතිකරගන්න විට යෝෂුවා සමඟ ඇතුළට ගෙනැත්, දාවිත්ගේ දවස් දක්වා තබාගත්තෝය.
නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.
එහෙත් යෝෂුවාට අණදී ඔහු ධෛර්යමත්කර ඔහු ශක්තිමත්කරන්න. මක්නිසාද ඔහු මේ සෙනඟට පෙරටුව ගොස් නුඹ දක්නා දේශය තෙමේම ඔවුන්ට උරුම කරදෙන්නේයයි මට කීසේක.
ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කථාකොට: බලව, නුඹ මැරෙන කාලය ආසන්නය. නුඹ යෝෂුවා කැඳවාගන විත් මා විසින් ඔහුට අණකරන පිණිස සම්මුඛවීමේ කූඩාරමෙහි සිටින්නැයි කීසේක. එවිට මෝසෙස් හා යෝෂුවා ගොස් සම්මුඛවීමේ කූඩාරමෙහි සිටියෝය.
උන්වහන්සේ නූන්ගේ පුත්‍රවූ යෝෂුවාට අණකරමින්: නුඹ ශක්තිමත්ව ධෛර්යවත්ව සිටින්න. මක්නිසාද මා විසින් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දිවුළ දේශයට නුඹ ඔවුන් ගෙනයන්නෙහිය. මමද නුඹ සමඟ සිටින්නෙමියි කීසේක.
ස්වාමීන්වහන්සේ විනාශකළ අමෝරිවරුන්ගේ රජුන්වූ සීහොන්ට සහ ඕග්ටද ඔවුන්ගේ දේශයටද කළ ලෙස උන්වහන්සේ මොවුන්ටත් කරනසේක.
මෝසෙස් තමාගේ අත් නූන්ගේ පුත්‍රවූ යෝෂුවා පිට තැබූ බැවින් ඔහු ප්‍රඥාවේ ආත්මයෙන් පූර්ණ වුණේය. ඉශ්‍රායෙල් පුත්‍රයෝද ඔහුට කීකරුවී ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝය.
නුඹ හිමිකරගන්ට යන්නාවූ දේශයට නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹ පමුණුවා නොයෙක් ජාතීන්වන හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද අමෝරිවරුන්ද කානානිවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද යන නුඹට වඩා මහත්වූ බලසම්පන්නවූ ජාතීන් සත නුඹ ඉදිරියෙන් පහකර දමන කල්හිද,
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේම විනාශකරන ගින්නක්ව නුඹට පෙරටුව යන බව අද දැනගන්න; උන්වහන්සේම ඔවුන් විනාශකරනවා ඇත, උන්වහන්සේම ඔවුන් නුඹ ඉදිරියෙහි යටත්කරදෙනවා ඇත. මෙසේ ස්වාමීන්වහන්සේ නුඹට කී ලෙස නුඹ ඔවුන් පන්නා ඉක්මනින් නැතිකර දමනවා ඇත.
මක්නිසාද යෝෂුවා ඔවුන්ට නිවාඩුව දුන්නේ නම් ඉන්පසු වෙන දවසක් ගැන උන්වහන්සේ කථාකරන්නේ නැත.
මාගේ මෙහෙකරුවූ මෝසෙස් මළේය; එබැවින් දැන් නුඹත් මේ මුළු සෙනඟත් නැගිට මා විසින් ඔවුන්ට එනම් ඉශ්‍රායෙල් පුත්‍රයන්ට දෙන දේශයට මේ යොර්දානෙන් එතරව යන්න.
ස්වාමීන්වහන්සේ තමන්ගේ මෙහෙකරුවූ මෝසෙස්ට අණකළ ලෙස මෝසෙස් යෝෂුවාට අණකෙළේය. යෝෂුවාද එසේ කෙළේය; ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ලෙන් ඔහු කිසිවක් නොකොට නොසිටියේය.
ස්වාමීන්වහන්සේ යෝෂුවාට කථාකොට: මා මෝසෙස් සමඟ සිටියාක් මෙන් නුඹ සමඟත් සිටින බව සියලු ඉශ්‍රායෙල්වරුන් දැනගන්නා පිණිස ඔවුන්ගේ ඇස් හමුවෙහි නුඹ උසස් කරන්ට අද දවසේ පටන්ගන්නෙමි.
ඒ දවසේදී ස්වාමීන්වහන්සේ සියලු ඉශ්‍රායෙල්වරුන්ගේ ඇස් හමුවෙහි යෝෂුවා උසස් කළසේක; ඔව්හු මෝසෙස්ට භයව සිටියාක්මෙන් යෝෂුවාගේ ජීවිතයේ සියලු දවස්වලදී ඔහුටත් භයව සිටියෝය.