ද්විතීය නීතිය 30:1Sinhala Revised Old Versionතවද මා විසින් නුඹ ඉදිරියෙහි තැබූ ආශීර්වාදයද ශාපයද යන මේ සියලු දේ නුඹ පිටට පැමිණි කල්හි නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ විසින් නුඹ පන්නාදැමූ සියලු ජාතීන් අතරේදී ඒවා සිතට ගෙන, පරිච්ඡේදය බලන්න |
මක්නිසාද නුඹලා ස්වාමීන්වහන්සේ වෙතට හැරුණොත්, නුඹලාගේ සහෝදරයන්ද දරුවන්ද තමුන් අල්ලාගෙන ගිය අයගෙන් කරුණාව ලැබ මේ දේශයට නැවත හැරී එනවා ඇත. මක්නිසාද නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ දයාවද අනුකම්පාවද ඇත්තාවූ කෙනෙක්ය, නුඹලා උන්වහන්සේ වෙතට හැරුණොත් උන්වහන්සේ ස්වකීය මුහුණ නුඹලා කෙරෙන් හරවා නොගන්නාසේකැයි කීවෝය.