Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 3:10

Sinhala Revised Old Version

තලාවේ සියලු නුවරවල්ද මුළු ගිලියද්ද බාෂාන්හි ඕග්ගේ රාජ්‍යයේ නුවරවල් වූ සලෙකා සහ එද්රෙයි දක්වා මුළු බාෂාන් රටද අල්ලා ගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

රාමොත්-ගිලියද්හි සිටිය බෙන්-ගෙබර්ය. ගිලියද්හි තිබෙන්නාවූ, මනස්සේගේ පුත්‍රවූ යායිර්ගේ නුවරවලුත් පවුරුද පිත්තල අගුල්ද ඇති මහා නුවරවල් හැටක් සහිත බාෂාන්හි අර්ගොබ් පළාතත් ඔහුට වැටුණේය.

ගාද්ගේ පුත්‍රයෝ ඔවුන්ට ඉදිරිපිටින් බාෂාන් දේශයේ සලෙකා දක්වා වාසයකළෝය.

තවද ඔව්හු හැරී බාෂාන්ට යන මාර්ගයෙන් ගියෝය. එවිට බාෂාන්හි රජවූ ඕග්ද ඔහුගේ මුළු සෙනඟද ඔවුන්ට විරුද්ධව යුද්ධ කරන්ට එද්රෙයිට ආවෝය.

ඒ නුවරවල් නම් රූබෙන්වරුන්ට තැනිතලා රටේ කාන්තාරයෙහි තිබෙන බෙශෙර්ද ගාද්වරුන්ට ගිලියද්හි තිබෙන රාමොත්ද මනස්සේවරුන්ට බාෂාන්හි තිබෙන ගෝලන්ද යන මේවාය.

පිස්ගායේ පාවුලට පහළින් තිබෙන අරබා සමභූමියේ මුහුද දක්වා යොර්දානෙන් එගොඩ නැගෙනහිරට තිබෙන මුළු අරබා සමභූමියද හිමිකරගත්තෝය.

ඔවුන්ගේ පළාත නම් අර්ණොන් ඔය අද්දර තිබෙන අරොයෙර් පටන්ද මිටියාවත මැද තිබෙන නුවර පටන්ද මේදෙබා ළඟ තිබෙන මුළු තලාවද,

ඔවුන්ගේ පළාත නම් මහනයිම් පටන් මුළු බාෂාන් වන බාෂාන්හි රජවූ ඕග් රජුගේ මුළු රාජ්‍යයත් බාෂාන්හි තිබෙන යායිර්ගේ සියලු නිවාස වන නුවරවල් හැටකුත්ය.

ගිලියද් දේශයෙන් අර්ධයක්ද බාෂාන්හි තිබුණ ඕග් රජුගේ රාජ්‍යයේ නුවරවල් වන අෂ්ටාරොත්ද එද්‍රෙයිද මනස්සේගේ පුත්‍රවූ මාකීර්ගේ පුත්‍රයන්ට එනම් මාකීර්ගේ පුත්‍රයන්ගෙන් දෙකෙන් කොටසකට තමුන්ගේ පවුල්වල හැටියට ලැබුණේය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්