නුඹලා මේ ස්ථානයට පැමුණුණ කල හෙෂ්බොන්හි රජවූ සීහොන්ද බාෂාන්හි රජවූ ඕග්ද අපට විරුද්ධව යුද්ධයට ආවෝය. අපි ඔවුන්ට පහරදී,
ස්වාමීන්වහන්සේ මට කථාකොට:
නුඹලා නැගිට ගමන් ගෙන අර්ණොන් ඔයෙන් එතරට යන්න. බලව, මම හෙෂ්බොන්හි රජවූ අමෝරියවූ සීහොන්ද ඔහුගේ දේශයද නුඹ අතට දුනිමි. ඒක හිමිකර ගන්ට පටන්ගෙන ඔහුට විරුද්ධව යුද්ධ කරන්න.
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඔහු අපට පාවාදුන්සේක; අපි ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් ඔහුගේ මුළු සෙනඟටත් පහරදුනිමු.
අපි එකල්හි ඒ දේශය හිමිකරගතිමු. අර්ණොන් ඔය අසබඩ තිබෙන අරෝයෙර් පටන් ගිලියද් කඳුකරයෙන් දෙකෙන් කොටසක් හා එහි නුවරවල්ද රූබෙන්වරුන්ටත් ගාද්වරුන්ටත් දුනිමි.
ගිලියද්හි ඉතුරු කොටසද ඕග්ගේ රාජ්‍යයවූ මුළු බාෂාන් රටද මනස්සේගේ අර්ධ ගෝත්‍රයට දුනිමි. (ඒක රෙඵායිම් යෝධයන්ගේ දේශයයයි කියන මුළු බාෂාන් වන මුළු අර්ගොබ් පළාතය.