මෝසෙස් සියලු ඉශ්‍රායෙල්වරුන් කැඳවා ඔවුන්ට මෙසේ කීය: ස්වාමීන්වහන්සේ මිසර දේශයෙහි නුඹලාගේ ඇස් ඉදිරියේදී ඵාරාවෝටද ඔහුගේ සියලු මෙහෙකරුවන්ටද ඔහුගේ මුළු දේශයටද කළාවූ සියල්ල වන
මා විසින් මිසරවරුන්ට කළ දෙයද නුඹලා රාජාලීන්ගේ පියාපත් පිට උසුලා මා වෙතට ගෙනා බවද නුඹලා දුටුවහුය.
එවිට මෝසෙස් සහ ආරොන් ඵාරාවෝ ඉදිරියෙන් පිටතට ගියෝය. මෝසෙස් වනාහි ස්වාමීන්වහන්සේ ඵාරාවෝ පිටට පැමිණෙවු මැඩියන් ගැන උන්වහන්සේට යාච්ඤාකෙළේය.
නුඹ බොහෝදේ දකින නුමුත් නොසලකන්නෙහිය; ඔහුගේ කන් ඇරී තිබෙද්දීත් ඔහු අසන්නේ නැත.
නුඹලාට පෙරටුව යන්නාවූ නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මිසරයෙහිද කාන්තාරයෙහිද නුඹලාගේ ඇස් හමුයෙහි නුඹලා උදෙසා කළ සියල්ල හැටියට උන්වහන්සේම නුඹලා උදෙසා යුද්ධකරනවා ඇත.
නුමුත් නුඹලා ස්වාමීන්වහන්සේ කළාවූ සියලු මහත් ක්‍රියා නුඹලාගේ ඇස්වලින් දුටුවහුය.
ස්වාමීන්වහන්සේ ඉශ්‍රායෙල් පුත්‍රයන් සමඟ හොරේබ්හිදී කළ ගිවිසුම හැර උන්වහන්සේ මෝවබ් දේශයෙහිදී ඔවුන් සමඟ කරනලෙස මෝසෙස්ට අණකළ ගිවිසුමේ වචන මේය.
නුඹේ ඇස්වලින් දුටුවාවූ මහත් පරීක්ෂණද ලකුණුද ඒ මහත්වූ පුදුමද නුඹලා දුටුවහුය.
මක්නිසාද අප සහ අපේ පියවරුන්ද මිසර දේශය වන වාල්කමේ ගෙදරින් පිටතට ගෙනාවෙත්, අපේ ඇස් ඉදිරියේදී ඒ මහත් හාස්කම් කළෙත්, අප ගිය මුළු මාර්ගයේදීද අප පසුකර ආවාවූ සියලු සෙනඟ අතරේදීද අප ආරක්ෂාකළෙත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේය, උන්වහන්සේමය.
ස්වාමීන්වහන්සේට භයව නුඹලාගේ මුළු සිතින් උන්වහන්සේට සැබෑලෙස සේවයකරන්න. මක්නිසාද උන්වහන්සේ නුඹලා උදෙසා කොපමණ මහත්දේ කළසේක්ද කියා බලන්න.