Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 28:25

Sinhala Revised Old Version

ස්වාමීන්වහන්සේ නුඹේ සතුරන් ඉදිරියෙහි නුඹ පරාජයවෙන්ට සලස්වනසේක. නුඹ ඔවුන්ට විරුද්ධව එක මගකින් ගොස් සත් මගකින් ඔවුන් ඉදිරියෙන් පලායන්නෙහිය. නුඹ පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ ගෙනයනු ලබන්නෙහිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

20 හුවමාරු යොමු  

ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල්වරුන් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔවුන් දෙවනු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර, මේ ගෘහයේදී ඔබට යාච්ඤා කර කන්නලව් කළොත්,

තවද ඉශ්‍රායෙල් පුත්‍රයෝ තමුන්ගේ සහෝදරයන්ගෙන් ස්ත්‍රීන්ද පුත්‍රයන්ද දූවරුන්ද දෙලක්ෂයක් අල්ලාගන, ඔවුන්ගෙන් මහත් කොල්ලයකුත් රැගෙන, ඒ කොල්ලය සමාරියට ගෙනගියෝය.

ඒ නිසා ස්වාමීන්වහන්සේගේ උදහස යූදා සහ යෙරුසලම කෙරෙහි පැමිණියේය, නුඹලාගේ ඇස්වලට පෙනෙන හැටියට ඔබ මොබ විසිකරනු ලැබීමටත් පුදුමයක් සහ නින්දාවක් වීමටත් උන්වහන්සේ ඔවුන් පාවාදුන්සේක.

ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබට විරුද්ධව පව්කළ බැවින් සතුරා ඉදිරියෙහි පරාජයවූ කල ඔව්හු ඔබ වෙතට හැරී ඔබගේ නාමය ප්‍රකාශකර මේ ගෘහයෙහිදී ඔබට යාච්ඤාකොට කන්නලව්කරන්නෝ නම්,

නුඹලා කන්ද මුදුනේ රිටක් මෙන්ද හෙලක් පිට කොඩි ගහක් මෙන්ද ඉතිරිවෙන තුරු, එකදාහක් එක්කෙනෙකුගේ තර්ජනයටද නුඹලා පස්දෙනෙකුගේ තර්ජනයටද පලායනවා ඇත.

මම යූදාහිද යෙරුසලමේද මන්ත්‍රණය මේ ස්ථානයේදී හිස්කර, ඔවුන්ගේ සතුරන්ගේ කඩුවෙන්ද ඔවුන්ගේ ප්‍රාණය හානිකරන්ට සොයන්නන්ගේ අත්වලින්ද ඔවුන් වැටෙන්ට සලස්වා, ඔවුන්ගේ මළකඳන් ආකාශයේ පක්ෂීන්ටත් පොළොවේ මෘගයන්ටත් ගොදුරු කොට දෙන්නෙමි.

එසේය, මා විසින් ඔවුන් පන්නාදමන සියලු ස්ථානවලදී නින්දාවක්ද උපමාවක්ද අපහාස කීමක් සහ ශාපයක්ද වීමටත් ඔවුන් පීඩා විදීමට පොළොවේ සියලු රාජ්‍යවල ඔබ මොබ විසුරුවනු ලැබීමටත් පාවාදෙන්නෙමි.

මම කඩුවද සාගතයද වසංගතයද ඇතුව ඔවුන් පස්සේ එළවාගෙන ගොස්, පොළොවේ සියලු රාජ්‍යවල ඔබමොබ විසුරුවනු ලැබීමටත් මා විසින් ඔවුන් පන්නාදමනලද සියලු ජාතීන් අතරේ ශාප වචනයක්ද විස්මයක්ද කවටකමක්ද නින්දාවක්ද වීමටත් ඔවුන් පාවා දෙන්නෙමි.

එබැවින් ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක: නුඹලා එක එකා තම තමාගේ සහෝදරයාටත් තම තමාගේ අසල්වාසියාටත් නිදහස ප්‍රකාශකරන්ට නුඹලා මට ඇහුම්කන්දුන්නේ නැත. බලව, කඩුවටත් වසංගතයටත් සාගතයටත් අසුවීමට නුඹලාට මම නිදහස ප්‍රකාශකරමි; පොළොවේ සියලු රාජ්‍යයන් අතරෙහි නුඹලා ඔබමොබ විසිරයන්ට සලස්වන්නෙමියි ස්වාමීන්වහන්සේ කියනසේක.

එසේය, ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: මම ඔවුන්ට විරුද්ධව සමුදාවක් පමුණුවා, පීඩාවිඳීමටත් කොල්ලකනු ලැබීමටත් ඔවුන් පාවාදෙන්නෙමි.

ඉශ්‍රායෙල් වනාහි යහපත එපාකෙළේය. සතුරා ඔහු පස්සේ එළවාගනයනවා ඇත.

මම මාගේ මුහුණ නුඹලාට විරුද්ධව යොමු කරන්නෙමි, නුඹලා නුඹලාගේ සතුරන් ඉදිරියෙහි පරාජය වන්නහුය. නුඹලාට වෛරකරන අය නුඹලා කෙරෙහි අධිපතිකම් කරන්නහුය; කිසිවෙක් නොඑළවන කල නුඹලා පලායන්නහුය.

ඔව්හු කඩුමුවහතින් වැටෙන්නෝය, සියලු ජාතීන් අතරට වහලුන් මෙන් ගෙනයනු ලබන්නෝය. අන්‍යජාතීන්ගේ කාලවල් සම්පූර්ණ වන තෙක් යෙරුසලම අන්‍යජාතීන් විසින් මඩිනු ලබන්නීය.

නුඹට විරුද්ධව නැගිටින්නාවූ නුඹේ සතුරන් ස්වාමීන්වහන්සේ නුඹ ඉදිරියෙහි පරාජය වෙන්ට සලස්වනසේක. ඔව්හු නුඹට විරුද්ධව එක මගකින් අවුත් සත් මගකින් නුඹ ඉදිරියෙන් පලායන්නෝය.

ඔවුන්ගේ පර්වතයාණෝ ඔවුන් නොවික්ක සේක් නම්, ස්වාමීන්වහන්සේ ඔවුන් පාවානුදුන්සේක් නම්, එක්කෙනෙකු විසින් දහසක් පන්නාදමන්නෙත්, දෙදෙනෙකුන් විසින් දසදහසක් එළවන්නෙත් කෙසේද?

ඒ හැටියට සෙනඟගෙන් තුන්දාහක් පමණ මනුෂ්‍යයෝ එහි ගියෝය. නුමුත් ඔව්හු හායි මනුෂ්‍යයන් ඉදිරියෙන් පලා ගියෝය.

ස්වාමීන්වහන්සේගේ උදහසද ඉශ්‍රායෙල්ට විරුද්ධව ඇවිළ උන්වහන්සේ ඔවුන් කොල්ලකාරයන් අතට පාවාදුන්සේක, ඔව්හු ඔවුන්ගෙන් කොල්ලකෑවෝය. තමුන්ගේ සතුරන්ට විරුද්ධව සිටින්ට තවත් ඔවුන්ට බැරිවෙන හැටියට උන්වහන්සේ ඔවුන් වටකර සිටිය සතුරන්ගේ අතට ඔවුන් පාවාදුන්සේක.

පිලිස්තිවරු සටන්කළෝය, එවිට ඉශ්‍රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරමට පලාගියෝය. ඉතා මහත් නාස්තියක් සිදුවිය; ඉශ්‍රායෙල්වරුන්ගෙන් පාබළ සෙනඟ තිස්දාහක් වැටුණෝය.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්