මෝසෙස්ද ලෙවීවරුවූ පූජකයෝද සියලු ඉශ්‍රායෙල්වරුන්ට කථාකොට: ඉශ්‍රායෙල්, නුඹ නිශ්ශබ්දව සිට අසන්න; නුඹ අද දවසේදී නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ සෙනඟ වූයෙහිය.
මෙසේ ඔබගේ සෙනඟවූ ඉශ්‍රායෙල් ඔබ සදාකාලේටම ඔබට සෙනඟක් කොට ස්ථිරකරගන ඔබම, ස්වාමීන්වහන්ස, ඔවුන්ගේ දෙවියන්වහන්සේ වී සිටිනසේක.
නුමුත් දැන් නුඹලා පාපයෙන් නිදහස්කරනලදුව, දෙවියන්වහන්සේගේ දාසයෝ වී, ශුද්ධකම සඳහා ඵල දරන්නහුය, එහි කෙළවරද සදාකාල ජීවනයය.
එබැවින් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ හඬට නුඹ කීකරුව මා විසින් අද නුඹට අණකරන උන්වහන්සේගේ ආඥාද පනත්ද පවත්වන්නැයි කීවෝය.
ඒ ගල් පිට මේ ව්‍යවස්ථාවේ සියලු වචන ඉතා පැහැදිලි ලෙස කොටා ලියන්නැයි කීවෝය.