ද්විතීය නීතිය 27:15Sinhala Revised Old Versionස්වාමීන්වහන්සේට පිළිකුලක්ද කම්කරුවාගේ හස්තකර්මාන්තයද වන කැපූ රූපයක් හෝ වාත්තු පිළිමයක් හෝ සාදා එය රහසින් තබාගන්න මනුෂ්‍යයාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියා උත්තරදෙත්වා. පරිච්ඡේදය බලන්න |
එබැවින් ඔවුන් සමඟ කථාකර ඔවුන්ට මෙසේ කියන්න–ස්වාමිවූ දෙවියන්වහන්සේ මෙසේ කියනසේක: ඉශ්‍රායෙල් වංශයෙන් තමාගේ දේවරූප තමාගේ සිතේ පිහිටුවාගෙන, තමාගේ අයුතුකම නැමති පැකිලීමේ ගල තමාගේ මුහුණ ඉදිරිපිට තබාගන්න එකිනෙකා අනාගතවක්තෘ ළඟට ආ විට, ස්වාමීන්වහන්සේ වන මම ඒ හැටියට එනම් ඔහුගේ දේවරූප රාශියේ ප්‍රකාරයට ඔහුට උත්තරදෙන්නෙමි.
එබැවින් දැන් මාගේ ස්වාමිවූ රජ්ජුරුවෝ තමාගේ මෙහෙකරුවාගේ වචන අසත්වා. ඉදින් ඔබව මට විරුද්ධව පෙළෙඹෙවුවේ ස්වාමීන්වහන්සේ නම්, උන්වහන්සේ පූජාවක් පිළිගන්නාසේක්වා. නුමුත් මනුෂ්‍ය පුත්‍රයෝ නම්, ඔව්හු ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ශාප ලත්තෝවෙත්වා; මක්නිසාද: නුඹ ගොස් අන් දෙවිවරුන්ට සේවයකරන්න කියා, මා දැන් ස්වාමීන්වහන්සේගේ උරුමයට බැඳී නොසිටින හැටියට ඔව්හු මා පන්නා දැමුවෝය.