Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 26:6

Sinhala Revised Old Version

මිසරවරුද අපට නපුරුකම් කරමින් අපට පීඩාකොට අප තද වහල්කමට පත්කළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

11 හුවමාරු යොමු  

එසේ හෙයින් ඔව්හු බරවැඩ පැවරීමෙන් ඔවුන්ට පීඩාකරන පිණිස ඔවුන් කෙරෙහි විධානවරුන් පත්කළෝය. ඔව්හු පිථොම් සහ රාම්සෙස් නම් ගබඩා නුවරවල් ඵාරාවෝ හට ගොඩනැගුවෝය.

ඔවුන් යෙදූ තද වැඩ වූ බදාම සහ ගඩොල් වැඩද කෙතෙහි සියලු ආකාර වැඩද ඔවුන් ලවා කෙරෙවු සියලු තදබල වැඩද කරණකොටගෙන ඔව්හු ඔවුන්ගේ ජීවිතය ඔවුන්ට තික්ත කළෝය.

නුඹලා හෙබ්‍රෙව් ස්ත්‍රීන්ට වින්නඹුකම් කරන විට, ඔවුන් ප්‍රසූත යහනෙහි ඉන්නවා දකින කල්හි, පුතෙක්නම් ඔහු මරන්න; දුවක් නම් ඈ ජීවත්වුණාවේයයි කීවේය.

එවිට ඵාරාවෝ: උපදින්නාවූ සියලු පුත්‍රයන් ගඟේ දමා සියලු දූවරුන් නොමරා ඉතුරුකරන්නැයි තමාගේ මුළු සෙනඟට අණකෙළේය.

තවද යෝසෙප් නාඳුනන අලුත් රජෙක් මිසරය කෙරෙහි පත්වුණේය.

නුඹලාගේ ගඩොල් ගණනෙන් එනම් නුඹලාගේ නියම දවස්පතා වැඩෙන් කිසිවක් අඩුනොකළ යුතුයයි කී කල, තමන්ට නපුර පැමිණ තිබෙන බව ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ මුලාදෑනීහු තේරුම්ගත්තෝය.

මක්නිසාද මා ඔබගේ නාමයෙන් කථාකරන පිණිස ඵාරාවෝ වෙතට ආවායින් පසු ඔහු මේ සෙනඟට නපුර කෙළේය; ඔබ තමන් සෙනඟ කිසිසේත් නිදහස්නොකළසේකැයි කීවේය.

ඒ මනුෂ්‍යයන් බොරු වචන නොසලකා වැඩකිරීමෙහි යෙදී සිටින පිණිස වඩා බර වැඩ ඔවුන් කෙරෙහි පවරන්නැයි කීයේය.

අපේ පියවරු මිසරයට ගියෝය, අපි බොහෝ කල් මිසරයෙහි සිටියෙමුව; මිසරවරු අපටත් අපේ පියවරුන්ටත් නපුරුකම් කළෝය.

අපි අපේ පියවරුන්ගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට මොරගැසීමුව, ස්වාමීන්වහන්සේ අපේ හඬ අසා, අපේ පීඩාවත් වෙහෙසත් හිරිහැරයත් බලා,

එහෙත් අද තිබෙන්නාක්මෙන් නුඹලා තමන්වහන්සේට උරුම සෙනඟක් වන පිණිස ස්වාමීන්වහන්සේ නුඹලා රැගෙන යකඩ උදුනක් වැනිවූ මිසරයෙන් නුඹලා පිටතට ගෙනාසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්