Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 25:6

Sinhala Revised Old Version

තවද මළාවූ සහෝදරයාගේ නාමය ඉශ්‍රායෙල් කෙරෙන් නොමැකෙන පිණිස ඈ වදන කුලුඳුලා මළ සහෝදරයාගේ නාමය දරන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

යූදා ඕනාන්ට කථාකොට: නුඹේ සහෝදරයාගේ භාර්යාව වෙත පැමිණ මළ සහෝදරයා වෙනුවට ඈ පාවාගැනීමෙන් නුඹේ යුතුකම ඉෂ්ටකර නුඹේ සහෝදරයාට වංශයක් උපදවන්නැයි කීයේය.

ඕනාන් ඒ වංශය තමාට අයිති නොවන බව දැන තමාගේ සහෝදරයාගේ භාර්යාව වෙතට පැමිණි කල්හි තමාගේ සහෝදරයාට වංශය නොදෙන පිණිස එය බිම වැගිරෙවුවේය.

ඔහුගෙන් පැවතඑන්නෝ සිඳදමනු ලබත්වා; එන පරම්පරාවේදී ඔවුන්ගේ නම මැකේවා.

ඔබ ජාතීන්ට තරවටුකොට දුෂ්ටයන් විනාශකළසේක, සදාකාලේටම ඔවුන්ගේ නාමය මැකූසේක.

ඔහුගේ මවුපියෝ ඔහු අල්ලා ඔහුගේ නුවර වැඩිමහල්ලන් වෙතටත් ඔහුගේ ස්ථානයේ දොරටුවටත් ගෙන ගොස්:

ස්වාමීන්වහන්සේ ඔහුට කමානොවනසේක, ස්වාමීන්වහන්සේගේ උදහස සහ කෝපය ඒ මනුෂ්‍යයාට විරුද්ධව ඇවිළෙන්නේය. මේ පොතෙහි ලියා තිබෙන මුළු ශාපයද ඔහු පිට පිහිටන්නේය, ස්වාමීන්වහන්සේ ඔහුගේ නාමය අහස යටින් මකාදමා,

මා විසින් ඔවුන් විනාශ කොට ඔවුන්ගේ නාමය අහස යටින් මකාදමන පිණිස මට ඉඩ අරින්න. මම නුඹ ඔවුන්ට වඩා බලවත්වූ මහත්වූ සෙනඟක් වෙන්ට සලස්වන්නෙමියි කීසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්