ඉදින් දුෂ්ටයා තළනු ලැබීමට සුදුස්සෙක් නම්, විනිශ්චයකාරයා ඔහු බිම බාවා ඔහුගේ දුෂ්ටකමේ හැටියට තමා ඉදිරියේදී ගණන්කර ඔහුට පහර තළවන්නේය.
මම ඔවුන්ට තරවටුකර, ඔවුන්ට ශාපකර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුළා, නුඹලාගේ දූවරුන් ඔවුන්ගේ පුත්‍රයන්ට දෙන්ටවත් ඔවුන්ගේ දූවරුන් නුඹලාගේ පුත්‍රයන්ට හා නුඹලාට ගන්ටවත් එපාය කියා දෙවියන්වහන්සේ ගැන ඔවුන් දිවුරවා,
අඥානයන්ගේ පිටට පහරද පිළියෙළකර තිබේ.
නුමුත් මනුෂ්‍යයන්ගෙන් ප්‍රවේසම්වෙන්න. මක්නිසාද ඔවුන් නුඹලා මන්ත්‍රණසභාවලට පාවාදී, ඔවුන්ගේ සිනගෝගවලදී නුඹලාට තළනවා ඇත;
එකල ඔහු බරබ්බස් ඔවුන්ට නිදහස්කරදුන්නේය. නුමුත් ඔහු යේසුස්වහන්සේට තළවා, උන්වහන්සේ කුරුසියෙහි ඇණගසනු ලබන්ට භාරදුන්නේය.
එවිට පාවුල්: සුදුකළ භිත්තියක් බඳුවූ නුඹට දෙවියන්වහන්සේ ගසනසේක. ව්‍යවස්ථාව ලෙස මා විනිශ්චයකරන්ට ඉඳගනම ව්‍යවස්ථාවට විරුද්ධව මට ගසන්ට අණකෙරෙහිදැයි කීවේය.
ඔව්හු ඔහුගේ වචනයට එකඟවී, ප්‍රේරිතයන් තමුන් වෙතට ගෙන්වා, ඔවුන්ට තළා, යේසුස්වහන්සේගේ නාමයෙන් කථා නොකරන්ට අණකොට යන්ට හැරියෝය.
මක්නිසාද නුඹලා වරදකොට ඒ ගැන පහර ලබන කල්හි ඉවසන්නහු නම්, එය මොන උතුම්කමක්ද? නුමුත් යහපත්කම් කොට ඒ ගැන දුක්විඳින කල්හි ඉවසන්නහු නම්, ඒක දෙවියන්වහන්සේ ඉදිරියෙහි ප්‍රශංසනීය දෙයක්ය.
අප පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස, උන්වහන්සේම තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් ඉසුලූසේක; උන්වහන්සේගේ තුවාලවලින් නුඹලා සුවකරනු ලැබුවහුය.