නුඹේ ගෙයි වෙනස් මිමි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
නුඹේ මල්ලේ වෙනස් කිරුම් පඩි එනම් ලොකු එකක් සහ කුඩා එකක් තබානොගන්න.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන දේශයෙහි නුඹේ දවස් වැඩිවන පිණිස සම්පූර්ණවූ හරිවූ කිරුම් පඩියක් සහ සම්පූර්ණවූ හරිවූ මිම්මක් නුඹ ළඟ තබා ගන්න.