නුඹේ අසල්වාසියාගේ ගොයමට ආ කල්හි නුඹේ අතින් කරල් කඩාගන්ට පුළුවන; නුමුත් නුඹේ අසල්වාසියාගේ ගොයමට දෑකැත්තක් නොපොවන්න.
තවද උන්වහන්සේ සබත් දවසේදී ගොයම් කෙත් මැදින් ගියසේක; උන්වහන්සේගේ ගෝලයෝ යමින්ම කරල් කඩන්ට පටන්ගත්තෝය.
නුඹේ අසල්වාසියාගේ මිදිවත්තට ආ කල්හි නුඹ කැමති පරිද්දෙන් තෘප්තියට පැමිණෙන තුරු මුද්‍රික ඵල නුඹට කන්ට පුළුවන; නුමුත් නුඹේ භාජනයෙහි කිසිවක් දමානොගන්න.