අවජාතකයෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල්නොවිය යුතුය: ඔහුගෙන් පැවත එන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාම ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
ස්වාමීන්වහන්සේට එකතුවී සිටින විදේශියාද: ස්වාමීන්වහන්සේ තමන්ගේ සෙනඟ වෙතින් මා සැබවින් වෙන්කරනසේකැයි නොකියාවා. නපුංසකයාද: බලව, මම වියළි ගසක්යයි නොකියාවා.
එහෙත් මායාකාරීගේ පුත්‍රයෙනි, පරදාරිකයාගෙත් වේශ්‍යාවගෙත් වංශය, මෙහි ළංවෙන්න.
කුදෙක්වත් මිට්ටෙක්වත් ඇසේ සුදක් ඇති කෙනෙක්වත් කබොල්ලක් ඇත්තෙක්වත් දද ඇත්තෙක්වත් තැළුණු අණ්ඩ ඇත්තෙක්වත් ළංනොවිය යුතුය;
අෂ්දොද්හි අවජාත සෙනඟක් වසන්නෝය, පිලිස්තිවරුන්ගේ පාරට්ටුවද සිඳදමන්නෙමි.
නුඹලා නුඹලාගේ පියාගේ ක්‍රියා කරහුයයි කීසේක. එවිට ඔව්හු: අපි වේශ්‍යාකමින් උපන්නෝ නොවෙමුව; අපට ඇත්තේ එකම පියාණෝය, ඒ දෙවියන්වහන්සේයයි කීවෝය.
කෝෂය පොඩි කරනලද නොහොත් රහසඟ කපනලද කෙනෙක් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
අම්මොනියයෙක්වත් මෝවබියයෙක්වත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය: ඔවුන්ගෙන් පැවතඑන කිසිවෙක් දසවෙනි පරම්පරාව දක්වාත් කවදාවත් ස්වාමීන්වහන්සේගේ සභාවට ඇතුල් නොවිය යුතුය.
එහෙත් සියල්ලන් ලබන දඬුවමට නුඹලා පංගුකාරයෝ නොවන්නහු නම්, නුඹලා පුත්‍රයෝ නොව අවජාතකයෝය.