Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 21:17

Sinhala Revised Old Version

අප්‍රියවූ තැනැත්තීගේ පුත්‍රයාට තමා සන්තක සියල්ලෙන් දෙකොටසක් දීමෙන් ඔහු කුලුඳුලා කොට පිළිගත යුතුය. මක්නිසාද ඔහුගේ ශක්තියේ පටන්ගැන්ම ඔහුය; කුලුඳුලාගේ වාසි කොටස ඔහුට අයිතිය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

10 හුවමාරු යොමු  

රූබෙන්, නුඹ මාගේ කුලුඳුලාය, මාගේ බලයය, මාගේ ශක්තියේ නාඹුල් ඵලයය; ශ්‍රේෂ්ඨ භාවයේ උතුම්කමය, පරාක්‍රමයේ උතුම්කමය.

තවද ඔවුන් එගොඩවූ කල එලියා කථාකොට: නුඹ වෙතින් මා ගන්ට පළමුවෙන් නුඹට මගෙන් ඕනෑ දෙයක් ඉල්ලන්නැයි එලිෂාට කීය. එලිෂාද: ඔබට තිබෙන ආත්මයෙන් දෙගුණයක් මා කෙරෙහි පැමිණේවයි කීවේය.

ඔවුන්ගේ පියා රන් රිදීද අනර්ඝ දේවල්ද වන බොහෝ තෑගි යූදාහි බලකොටු නුවරවල් ඇතුළුව ඔවුන්ට දුන්නේය. නුමුත් යෙහෝරාම් කුලුඳුලා නිසා ඔහුට රාජ්‍යය දුන්නේය.

උන්වහන්සේ ඔවුන්ගේ සකල ශක්තියේ මුලවූ ඔවුන්ගේ දේශයෙහි සියලු කුලුඳුලන්ට පහරදුන්සේක.

ඔවුන්ගෙන් බාලයා: පියාණෙනි, ඔබගේ වස්තුවෙන් මට එන කොටස දෙන්නැයි පියාට කීවේය. එවිට ඔහු තමාගේ සම්පත් ඔවුන්ට බෙදාදුන්නේය.

ඔහු තමා සන්තක දේපල තමාගේ පුත්‍රයන්ට උරුම කර දෙන කල්හි කුලුඳුලාව සිටින අප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා වෙනුවට ප්‍රියවූ භාර්යාවගේ පුත්‍රයා කුලුඳුලා මෙන් නියම නොකළ යුතුය.

තවද ලවොදිකයෙහි සභාවේ දූතයාට මෙසේ ලියන්න: ආමෙන් නමැත්තාවූ, විශ්වාස සැබෑ සාක්ෂිකාරවූ, දෙවියන්වහන්සේගේ මැවිල්ලේ මුලවූ තැනන්වහන්සේ මේ කාරණා කියනසේක.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්