මිදි වත්තක් වවා එහි ඵල භුක්ති නොවින්ද මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් එය භුක්ති විඳිනවා ඇත.
ඔවුන් ගෙවල් ගොඩනැගුවාම වෙන කෙනෙක් වාසයකරන්නේවත් ඔවුන් වැවුවාම වෙන කෙනෙක් කන්නේවත් නැත. මක්නිසාද මාගේ සෙනඟගේ දවස් වෘක්ෂයක දවස් මෙන් වන්නේය, මාගේ තෝරාගත් අය තමුන්ගේ අත් වැඩ බොහෝ කල් භුක්ති විඳින්නෝය.
නැවත නුඹ සමාරියේ කඳුවල මිදිවැල් හිටවනවා ඇත. වවන්නෝ ඒවා හිටවා එහි ඵල භුක්ති විඳින්නෝය.
ඔවුන්ගේ සම්පත් කොල්ලයක්ද ඔවුන්ගේ ගෙවල් පාළුවක්ද වන්නේය. එසේය, ඔවුන් ගෙවල් ගොඩනගන නුමුත් ඒවායේ වාසයකරන්නේවත් මිදිවතු වවන නුමුත් එයින් මුද්‍රිකපානය බොන්නේවත් නැත.
කොයිකලකවත් තමාගේම වියදමෙන් හේවාකම්කරන්නේ කවුද? මිදිවත්තක් වවා එහි ඵල නොකන්නේ කවුද? නොහොත් ගව රැළක් පෝෂ්‍යකොට උන්ගේ කිරිවලින් නොකන්නේ කවුද?
මුලාදෑනියෝද සෙනඟට කථාකරමින්: අලුත් ගෙයක් ගොඩනැගුවේවී නුමුත් එහි ගෙවදීම නොකළ මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරීයේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ගෙවදීම කරනවා ඇත.
ස්ත්‍රියෙකුට විවාහ බස් දී ඈ පාවා නොගත් මනුෂ්‍යයෙක් ඇද්ද ඔහු තමාගේ ගෙදරට හැරී යේවා, නැත්නම් ඔහු සටනේදී මළොත් අනිකෙක් ඈ පාවා ගන්නවා ඇතැයි කියන්ට ඕනෑය.