සේයිර්හි වාසයකරන ඒසව් පුත්‍රයන්ද ආර්හි වාසය කරන මෝවබ්වරුන්ද මට කළාක්මෙන් නුඹත් අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ අපට දෙන දේශයට අප යොර්දානෙන් එතරව යන තුරු,
නුඹේ දේශය මැදින් යන්ට අපට අවසර ලැබේවා. අපි කෙත් මැදින්වත් මිදිවතු මැදින්වත් නොයන්නෙමුව, ළින්වලින් වතුර නොබොන්නෙමුව. රජ මාවත යන්නෙමුව, නුඹේ සීමාව පසුකරන තෙක් අපි දකුණටවත් වමටවත් නොහැරෙන්නෙමුයයි කියන්ට කීවේය.
ඉශ්‍රායෙල් පුත්‍රයෝද: අපි මහ මාවත යන්නෙමුව. අපි එනම් මාද මාගේ සිව්පාවුන්ද නුඹේ වතුර බීවොත් ඒවාට මිල ගෙවන්නෙමු. වෙන කිසි දෙයක් නොකොට මට පයින් යන්ට පමණක් ඉඩ දුනමැනවයි කීවෝය.
නුඹේ දේශය මැදින් යන්ට මට අවසර ලැබේවා. දකුණටවත් වමටවත් නොහැරී මහමාවත යන්නෙමි.