ද්විතීය නීතිය 2:14Sinhala Revised Old Versionඅපි ශෙරෙද් ඔයෙන් එතරවීමු. අප කාදෙෂ්-බර්නේය කෙරෙන් පිටත්වී ශෙරෙද් ඔයෙන් එතරව යුද්ධකාරයන්ගේ මුළු පරම්පරාව ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ ලෙස සෙනඟ අතරෙන් නැතිවී යන තුරු ගතවුණු කාලය තිස් අට අවුරුද්දක්ය. පරිච්ඡේදය බලන්න |
මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන් ස්වාමීන්වහන්සේගේ හඬට ඇහුම්කන් නුදුන් නිසා මුළු ජාතිය එනම් මිසරයෙන් ආවාවූ යුද්ධකාර සෙනඟ විනාශවන තෙක් සතළිස් අවුරුද්දක් ඔව්හු කාන්තාරයෙහි හැසුරුණෝය. මෙසේ වුණේ, අපට දෙන හැටියට ස්වාමීන්වහන්සේ ඔවුන්ගේ පියවරුන්ට දිවුළාවූ, කිරි හා මීපැණි ගලා යන දේශයක්ව තිබෙන දේශය දකින්ට ඔවුන්ට ඉඩනාරින ලෙස ස්වාමීන්වහන්සේ ඔවුන්ට දිවුළ නිසාය.