(අනාක්වරුන් මෙන් මහත්ව බොහෝව උස්ව සිටි සෙනඟක් වන ඒමිවරු ඉහතදී එහි විසුවෝය.
දසසතරවෙනි අවුරුද්දේදී කෙදොර්-ලායොමෙර්ද ඔහු සමඟ සිටි රජවරුද ඇවිත් අෂ්තෙරොත්-කර්ණයිම්හි සිටිය රෙඵාවරුන්ටත් හාම්හි සිටිය සූසිවරුන්ටත් කිරියාතායිම් සමබිමේ සිටි ඒමිවරුන්ටත්
එවිට යෝධයාගේ පුත්‍රයන්ගෙන් එක්කෙනෙක්වූ ඉෂ්බි-බෙනොබ් දාවිත් මරන්ට සිතීය. ඔහුගේ හෙල්ලයේ බර පිත්තල ෂෙකෙල් තුන්සියයක්ය, ඔහු අලුත් කඩුවක්ද ඉණේ බැඳගන උන්නේය.
ඔව්හු දකුණු දිශාවේ නැගී ගොස් හෙබ්‍රොන්ට පැමුණුණෝය; එහි අනාක්ගේ පුත්‍රයන් වන අහීමන්ද ෂේෂයිද තල්මයිද සිටියෝය. (හෙබ්‍රොන් නුවර මිසරයේ ශොවන් නුවරට සත් අවුරුද්දකට ප්‍රථමයෙන් ගොඩනගනලදී.)
අපි කොතැනට නැගී යමුද? අපේ සහෝදරයෝ කථාකොට-ඒ සෙනඟ අපට වඩා මහත්ව උස්ව සිටිති; නුවරවල්ද මහත්ව අහස දක්වා පවුරු සහිතව තිබේ; ඒ හැර අනාක්වරුන්ගේ පුත්‍රයන්ද එහි දුටිමුව කියා අපේ සිත් මලානික වෙන්ට සැලැස්සුවෝයයි කීවහුය.
ඔව්හුද අනාක්වරුන් මෙන් රෙඵායිම් යෝධයෝයයි කල්පනාකරනු ලැබේ. එහෙත් මෝවබ්වරු ඔවුන්ට ඒමිවරුයයි කියති.