Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 19:12

Sinhala Revised Old Version

ඔහුගේ නුවර වැඩිමහල්ලෝ එතැනින් ඔහු ගෙන්වාගෙන ඔහු මැරෙණ පිණිස ලෙයෙහි පළිය ගන්නාගේ අතට ඔහු පාවාදෙත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

8 හුවමාරු යොමු  

සැබවින් නුඹලාගේ ජීවිතය වන නුඹලාගේ ලේ ගැන පළිගන්නෙමි; සියලු මෘගයන් අතින්ද පළිගන්නෙමි. මනුෂ්‍යයාගේ ජීවිතය ගැන මනුෂ්‍යයා අතින් එනම් ඔහුගේ සහෝදරවූ එක් එක්කෙනා අතින් පළිගන්නෙමි.

ඉතින් දැන් පවුලේ සියල්ලෝ ඔබගේ දාසීට විරුද්ධව නැගිට: තමාගේ සහෝදරයා මැරූ තැනැත්තා ඔහු විසින් මරනලද සහෝදරයාගේ ප්‍රාණය උදෙසා අප විසින් මරන පිණිස අපට දෙන්න, මෙසේ අපි උරුමක්කාරයාත් විනාශ කරන්නෙමුයයි කියති. මේ ආකාරයෙන් මාගේ පුරුෂයාට පොළෝ මතුපිට නාමයක්වත් දරුවෙක්වත් නොපවතින ලෙස ඔවුන් මට ඉතුරුව තිබෙන අඟුර නිවනවා ඇතැයි කීවාය.

නුමුත් මනුෂ්‍යයෙක් අදහස්කරලාම තම අසල්වාසියා කරා අවුත් ඔහු ප්‍රයෝගයෙන් මැරුවොත් ඔහු මරනු ලබන පිණිස මාගේ පූජාසනය වෙතින් වුවත් ඔහු අහක්කර ගන්න.

එහෙත් යමෙක් තමාගේ අසල්වාසියා කෙරෙහි වෛරයක් ඇතුව ඔහු ගැන රැකසිට ඔහුට විරුද්ධව නැගිට ඔහුට මැරෙන්ට පහරදී මේ නුවරවලින් එකකට පලායන්නේනම්,

නුඹේ ඇස ඔහු කෙරෙහි දයානොකෙරේවා, නුඹට ශුභ සිද්ධවන පිණිස ඉශ්‍රායෙල් කෙරෙන් නිදොස් ලේ වැගිරීමේ දෝෂය පහකරන්න.

තමාගේ අසල්වාසියා රහසින් මරන්නාට ශාප වේවා. එවිට මුළු සෙනඟ: ආමෙන් කියත්වා.




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්