Biblia Todo Logo
හුවමාරු යොමු
- දැන්වීම් -



ද්විතීය නීතිය 16:4

Sinhala Revised Old Version

සත් දවසක් නුඹේ සියලු සීමා ඇතුළත නුඹ ළඟ මුහුන් නොතිබේවා; නුඹ පළමුවෙනිදා සවස පූජාකරන මාංසවලින් කිසිවක් උදය දක්වා ඉතිරිව නොතිබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

9 හුවමාරු යොමු  

උදය දක්වා එයින් කිසිවක් ඉතුරු නොකරන්න; උදය දක්වා එයින් ඉතුරුවන ඒවා ගින්නෙන් දවන්න.

සත් දවසක් නුඹලා මුහුන් නුමුසු රොටි කෑ යුතුය; ප්‍රථම දවසෙහිම නුඹලාගේ ගෙවලින් මුහුන් බැහැරකළ යුතුය. මක්නිසාද ප්‍රථම දවස පටන් සත්වෙනි දවස දක්වා මුහුන් මුසු රොටි කන කවරෙක් නුමුත් ඉශ්‍රායෙල් කෙරෙන් සිඳදමනු ලබන්නේය.

එම මාසේ දස සතර වෙනි දවස දක්වා තබාගන්න. එවිට ඉශ්‍රායෙල් සමූහයා වන මුළු සභාව සවස ඌ මරා,

ඔව්හු ගින්නෙන් පුළුස්සනලද ඒ මාංසයද මුහුන් නුමුසු රොටිද ඒ රාත්‍රියේදී කන්නෝය; තික්ත පලා සමඟ ඒවා කන්නෝය.

ඒ සත් දවස මුළුල්ලෙහි මුහුන් නුමුසු රොටි කෑ යුතුය; මුහුන් මුසු රොටි නුඹ වෙත නොතිබිය යුතුය, නුඹේ සියලු සීමාවල නුඹ වෙත මුහුන් නොතිබිය යුතුය.

මාගේ පූජාවේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකරන්න; මාගේ මංගල්‍යයේ තෙලද පසුවදා උදය වන තුරු රෑ මුළුල්ලේ නොතිබිය යුතුය.

නුඹ මාගේ යාගයේ ලේ මුහුන් දැමූ රොටි සමඟ පූජා නොකළ යුතුය; පාස්කු මංගල්‍යයේ යාගයද පසුවදා උදය දක්වා ඉතිරිකර නොතැබිය යුතුය.

උන්වහන්සේ තවත් උපමාවක් කියනසේක්: ස්ත්‍රියෙකු විසින් පිටි නැළි තුනක් සහමුලින්ම පිපෙන තුරු එහි දමා තිබූ මුහුන්වලට ස්වර්ගරාජ්‍යය සමානයයි කීසේක.

නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන්නාවූ නුඹේ කොයි නුවරකදී නුමුත් පාස්කුව පූජානොකොට,




අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්