නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන සියලු දොරටුවල නුඹේ ගෝත්‍රවල හැටියට විනිශ්චයකාරයන්ද මුලාදෑනීන්ද පත්කරගන්න. ඔව්හු ධර්මිෂ්ඨකමින් සෙනඟ විනිශ්චය කෙරෙත්වා.
මොවුන්ගෙන් විසිහතර දහසක් ස්වාමීන්වහන්සේගේ ගෘහයේ වැඩ බලාගැනීමට සිටියෝය; හදහසක් මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.
ඉශ්හාර්වරුන්ගෙන් කෙනනියාද ඔහුගේ පුත්‍රයෝද පිටත කටයුතු ගැන ඉශ්‍රායෙල්වරුන් කෙරෙහි මුලාදෑනියෝව විනිශ්චයකාරයෝව සිටියෝය.
එස්රා, නුඹ වනාහි ගඟ එගොඩ සිටින සියලු සෙනඟ විනිශ්චයකරන පිණිස නුඹේ දෙවියන්වහන්සේගේ ව්‍යවස්ථාවන් දන්නාවූ විනිශ්චයකාරයන්ද නඩුකාරයන්ද නුඹේ අතේ තිබෙන නුඹේ දෙවියන්වහන්සේගේ ප්‍රඥාව ලෙස පත්කරන්න; ඒවා නොදන්න අයට උගන්වන්න.
ඇරත් නුඹ මුළු සෙනඟ අතරෙන් දෙවියන්වහන්සේ කෙරෙහි භය ඇත්තාවූ සත්‍යවාදීවූ අයුතු ලාභයට ද්වේෂකරන්නාවූ සමර්ථ මනුෂ්‍යයන් තෝරාගෙන ඔවුන් සහස්‍රාධිපතීන්ද ශතාධිපතීන්ද පනසාධිපතීන්ද දශාධිපතීන්ද කොට සෙනඟ කෙරෙහි පත්කරන්න.
මනුෂ්‍යයන් ඩබරකරන කොට ගර්භිණියක් ගබ්සාවන ලෙස යමෙක් ඈට ගැසුවොත්, අනතුරක් සිදුනූණත්, ඇගේ පුරුෂයා නියමකරන හැටියට සැබවින් ඔහු දඩගසනු ලැබ විනිශ්චයකාරයන් විසින් නියමකරන ලෙස ගෙවිය යුතුය.
ඔහුගේ ස්වාමියා ඔහු දෙවියන්වහන්සේ ඉදිරියට කැඳවා දොර ළඟට නොහොත් උළුවහු කණුව ළඟට ගෙන ගොස් විදින කටුවකින් ඔහුගේ කන සිදුරු කළ යුතුය; ඔහුද සෑමකල්හිම ඔහුට වැඩකරන්නේය.
ඇගේ පුරුෂයා දේශයේ වැඩිමහල්ලන් සමඟ දොරටුවල ඉඳගන්නා කල සලකනු ලබන්නේය.
මිනී නොමරව, මිනීමරන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙකැයි පුරාතනයන්ට කී බව නුඹලා අසා තිබේ.
නුමුත් මම නුඹලාට කියමි: තමාගේ සහෝදරයාට කෝපවෙන කවරෙක් නුමුත් විනිශ්චයට සුදුස්සෙක් වන්නේය. තමාගේ සහෝදරයාට රකායයි කියන කවරෙක් නුමුත් මන්ත්‍රණ සභාවෙන් දඬුවම් ලබන්ට සුදුස්සෙක් වන්නේය, නුඹ ජඩයායයි කියන කවරෙක් නුමුත් නිරාගින්නට සුදුස්සෙක් වන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දී තිබෙන ආශීර්වාදයේ හැටියට, එකිනෙකා තම තමාගේ පුළුවන්කම ප්‍රකාර දීමනාවක් ඇතුව පෙනී සිටීවා.
නුඹ විනිශ්චය නොපෙරළන්න; මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලන්න. අල්ලසක් නොගන්න; මක්නිසාද අල්ලස ප්‍රඥාවන්තයන්ගේ ඇස් අන්ධකොට ධර්මිෂ්ඨයන්ගේ වචන පෙරළන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි සේවයකිරීමට එහි සිටින පූජකයාටවත් විනිශ්චයකාරයාටවත් ඇහුම්කන් නොදී අහංකාර කමින් හැසිරෙන මනුෂ්‍යයා මරනු ලැබේවා. මෙසේ ඉශ්‍රායෙල්වරුන් අතරෙන් නපුර පහකරන්න.
ලෙවීවරු වන පූජකයන්ද ඒ දවස්වල සිටින විනිශ්චයකාරයාද ළඟට ගොස් විභාගකරන්න; ඔවුන් නුඹට නඩුවේ තීන්දුව දන්වනවා ඇත.
නුඹේ වැඩිමහල්ලෝද විනිශ්චයකාරයෝද පිටතට අවුත් ඒ මළකඳ වටේට තිබෙන නුවරවල් දක්වා මැන බලත්වා.
මනුෂ්‍යයන් අතරේ අරෝවක් හටගැනී ඔවුන් විනිශ්චය පිණිස ආවොත්, විනිශ්චයකාරයෝ ඔවුන් විනිශ්චයකරමින් ධර්මිෂ්ඨයා නිදොස්කර දුෂ්ටයා වරදට පත්කරත්වා;
සාමුවෙල් මහලුවූ කල ඔහු තමාගේ පුත්‍රයන් ඉශ්‍රායෙල්වරුන්ට විනිශ්චයකාරයන් කොට පත්කෙළේය.