එසේ වී නුමුත් වමාරා කනවුන්ගෙන්ද කුරය බෙදී වෙන්ව තිබෙනවුන්ගෙන්ද නුඹලා නොකෑ යුතු සත්තු නම්: ඔටුවාත් හාවාත් බෙන්හාවාත්ය; උන් වමාරා කන නුමුත් උන්ගේ කුරය බෙදී නැති නිසා නුඹලාට අපවිත්‍රය.
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ වමාරාකන්නාවූ සියල්ලන් නුඹලාට කන්ට පුළුවන.
බෙන් හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.
හාවා, වමාරාකන නුමුත් කුරය බෙදී නැති නිසා ඌ නුඹලාට අපවිත්‍රය.
යමෙක් මාගේ මේ වචන අසා, ඒවා පිළි නොපදීද, ඔහු වැලි මත්තෙහි තමාගේ ගෙය සාදාගත් නුවණ නැති මනුෂ්‍යයෙකුට සමානකරනු ලබන්නේය.
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් නුඹලාට කන්ට පුළුවන.
ඌරාගේ කුරය බෙදී තිබෙන නුමුත් ඌ වමාරා නොකන නිසා නුඹලාට අපවිත්‍රය. නුඹලා උන්ගේ මස් නොකෑ යුතුය, උන්ගේ මළකුණු ස්පර්ශනොකළ යුතුය.
දේවභක්තියේ වේසය දරන නුමුත්, එහි බලය එපාකළ අයව සිටින්නෝය. එබඳු අයගෙන් අහක්වෙන්න.
ඔව්හු දෙවියන්වහන්සේ දැනගන සිටින බව කියති; නුමුත් ඔව්හු පිළිකුල්ව, අකීකරුව, සියලු යහපත් ක්‍රියා ගැන නිෂ්ප්‍රයෝජනව සිටින බැවින් තමුන්ගේ ක්‍රියාවලින් උන්වහන්සේව නාඳුනන බව ප්‍රකාශකරති.