ගවයාද බැටළුවාද එළුවාද, ගෝනාද තිත්මුවාද වැලිමුවාද වල්එළුවාද ඕලුමුවාද කුරංගයාද වාතමෘගයාද යන මේ සත්තුය.
ස්වාමීන්වහන්සේ මාගේ පියවූ දාවිත්ගේ සතුරන් ඔහුගේ පතුල යට දමන තෙක් ඔහු හාත්පසින් තිබුණු යුද්ධ නිසා ඔහුගේ දෙවිවූ ස්වාමීන්වහන්සේගේ නාමයට ගෘහයක් ගොඩනගන්ට ඔහුට බැරිවුණු බව ඔබ දන්නෙහිය.
පර්වතවල වල් එළුවන් බිහිකරන කාලය නුඹ දන්නවාද? නොහොත් මුවදෙනුන් විළිරුදා විඳින වේලාව නුඹට දැනගන්ට පුළුවන්ද?
නුඹේ පුත්‍රයෝ ස්වාමීන්වහන්සේගේ කෝපය වන නුඹේ දෙවියන්වහන්සේගේ තරවටුකිරීමෙන් පිරී, ක්ලාන්තවී, දැලක අසුවුණ ගෝනෙකු මෙන් සියලු වීථි සන්ධිවල වැටී සිටිති.
එසේ වී නුමුත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට දෙන ආශීර්වාදයේ හැටියට නුඹේ සියලු දොරටු ඇතුළේ නුඹේ සිතේ මුළු ආශාවේ හැටියට නුඹට සතුන් මරා මස් කන්ට පුළුවන. මුවමස්ද ගෝනමස්ද මෙන් අපවිත්‍ර අයටත් පවිත්‍ර අයටත් ඒවා කන්ට පුළුවන.
මුව මස්ද ගෝන මස්ද මෙන් නුඹ ඒවා කන්න. අපවිත්‍ර අයටද පවිත්‍ර අයටද එක සමානව ඒවා කන්ට පුළුවන.
නුඹලාට කන්ට පුළුවන්වූ මෘගයෝනම්:
මෘගයන් අතරෙන් කුරය දෙකට බෙදී වෙන්ව තිබෙන්නාවූ, වමාරා කන්නාවූ සියලු මෘගයන් නුඹලාට කන්ට පුළුවන.