නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ නුඹට ආශීර්වාදකරන කල්හි උන්වහන්සේ ස්වකීය නාමය තබන්ට තෝරාගන්න ස්ථානය නුඹට දුර නිසා ඒවා ගෙනයන්ට බැරි ලෙස ඒ ගමන නුඹට දුර වැඩි නම්,
මම නුඹේ සීමාව රතු මුහුද පටන් පිලිස්තිවරුන්ගේ මුහුද දක්වාද වනාන්තරය පටන් ගංගාව දක්වාද තබන්නෙමි. මක්නිසාද නුඹ විසින් දේශයේ වැසියන් නුඹ ඉදිරියෙන් පන්නාදමන පිණිස ඔවුන් නුඹේ අතට පාවාදෙන්නෙමි.
නුඹලාගේ පා තබන සියලු තැන් නුඹලාට වන්නේය. නුඹලාගේ සීමාව කාන්තාරය හා ලෙබනොන් සිට ප්‍රාත් ගඟ පටන් පිටුපස මුහුද දක්වාම වන්නේය.
නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන්ගේ නාමය තබන පිණිස තෝරාගන්න ස්ථානය නුඹට දුර වැඩිනම් ස්වාමීන්වහන්සේ නුඹට දුන් ගවයන්ගෙන්ද එළු බැටළුවන්ගෙන්ද කොයි එකෙක් නුමුත් මා නුඹට අණකළ ලෙස මරා, නුඹේ සිතේ මුළු ආශාව ලෙස නුඹේ දොරටු ඇතුළතදී කන්න.
නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තමන් නාමය තබන පිණිස නුඹලාගේ සියලු ගෝත්‍ර අතරෙන් තෝරාගන්න ස්ථානය වන උන්වහන්සේගේ වාසස්ථානයටම ළඟාවී එහි පැමිණෙන්න.
ඒවා මිලේටදී, ඒ මුදල නුඹේ අතේ බැඳ තබාගෙන, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ තෝරාගන්නා තැනට ගොස්