වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු නුඹලා විසින් නොකෑ යුතුය; ඌ නුඹලාට අපවිත්‍රය.
එහෙත් ජලයෙහි හැසිරෙන සියල්ලන්ගෙන්ද ජලයෙහි ඉන්නාවූ පණ ඇති සියලු සතුන්ගෙන්ද මුහුදුවලත් ගංගාවලත් ඉන්නාවූ වරල්ද කොරපොතුද නැති සියල්ලෝ නුඹලාට පිළිකුලක්ය,
මනුෂ්‍යයෙකුගේ අපවිත්‍රකමක් වේවා අපවිත්‍ර මෘගයෙක් වේවා අපවිත්‍ර පිළිකුල්කමක් වේවා කිසියම් අපවිත්‍රකමක ස්පර්ශවී ස්වාමීන්වහන්සේට අයිති ශාන්ති පූජාවල මාංසය කන තැනැත්තේ තමාගේ සෙනඟ අතරෙන් සිඳදමනු ලබන්නේයයි කීසේක.
සියලු පවිත්‍ර පක්ෂීන් නුඹලාට කන්ට පුළුවන.
ජලයෙහි ඉන්න සියල්ලන් අතරෙන් නුඹලාට කන්ට පුළුවන් මේ සත්තුය, එනම් වරල් සහ කොරපොතු ඇති සියල්ලන් කන්ට පුළුවන.