ස්වාමීන්වහන්සේ මේ සියලු ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නාදමනවා ඇත, නුඹලාද නුඹලාට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් අත්පත් කරගන්නවා ඇත.
අද මා විසින් නුඹට අණකරන දෙය සිතට ගන්න. බලව, අමෝරිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද පෙරිස්සිවරුන්ද හිවීවරුන්ද යෙබූසිවරුන්ද නුඹ ඉදිරියෙන් පන්නාදමන්නෙමි.
අද දවසේ තිබෙන්නාක්මෙන් ඔවුන්ගේ දේශය නුඹට උරුමයක් කොට දෙන පිණිස තෙමේම ප්‍රකාශවී, ස්වකීය මහත් බලය කරණකොටගෙන නුඹ මිසරයෙන් පිටතට ගෙනාසේක.
එම්බා, ඉශ්‍රායෙල්, අසන්න. දැන් නුඹ යොර්දානෙන් එතරවී, නුඹට වඩා මහත්වූ බලවත්වූ ජාතීන් පන්නා දමන්ටත්, අහස දක්වා පවුරු ඇති මහත් නුවරවල් අල්ලාගන්ටත්,
ඔවුන්ගේ දේශය හිමිකරගැනීමට නුඹ ඇතුල්වෙන්නේ නුඹේ ධර්මිෂ්ඨකම නිසාවත් නුඹේ සිතේ අවංකකම නිසාවත් නොවේ. නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ ඒ ජාතීන් නුඹ ඉදිරියෙන් පන්නාදමන්නේ ඔවුන්ගේ දුෂ්ටකම නිසාත් නුඹේ පියවරුන් වන ආබ්‍රහම්ටද ඊසාක්ටද යාකොබ්ටද ස්වාමීන්වහන්සේ දිවුළ වචනය ඉෂ්ටකරන පිණිසත්ය.
මක්නිසාද ස්වාමීන්වහන්සේ ඉතා මහත්වූ බලවත්වූ ජාතීන් නුඹලා ඉදිරියෙන් පන්නා දැමූසේක. එහෙත් නුඹලාට විරුද්ධව සිටින්ට අද දවස දක්වා කිසිවෙකුට පුළුවන්වුණේ නැත.