ද්විතීය නීතිය 10:12Sinhala Revised Old Versionඉතින් ඉශ්‍රායෙල්, නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට භයවීමත් උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරීමත් උන්වහන්සේට ප්‍රේමකිරීමත් නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹේ මුළු සිතින්ද නුඹේ මුළු ආත්මයෙන්ද සේවය කිරීමත් පරිච්ඡේදය බලන්න |
සාලමොන්, මාගේ පුත්‍රය, නුඹ නුඹේ පියාගේ දෙවියන්වහන්සේ හැඳින සම්පූර්ණ සිතකින් හා ප්‍රසන්න ආත්මයකින් උන්වහන්සේට මෙහෙකරන්න. මක්නිසාද ස්වාමීන්වහන්සේ සියලු සිත් විමසා කල්පනාවල සියලු අදහස් තේරුම්ගන්නාසේක. නුඹ උන්වහන්සේ සොයනවා නම් උන්වහන්සේ නුඹට සම්බවෙනවා ඇත; නුමුත් නුඹ උන්වහන්සේ අත්හැරියොත් උන්වහන්සේ නුඹ සදාකාලයටම අහක දමනවා ඇත.
එහෙත් නුඹලාගේ දෙවිවූ ස්වාමීන්වහන්සේට නුඹලා ප්‍රේමකොට, උන්වහන්සේගේ සියලු මාර්ගවල හැසිරෙමින්, උන්වහන්සේගේ ආඥා පවත්වා, උන්වහන්සේට ඇලුම්ව සිට, නුඹලාගේ මුළු සිතෙන්ද මුළු ආත්මයෙන්ද උන්වහන්සේට සේවය කරන හැටියට ස්වාමීන්වහන්සේගේ මෙහෙකරුවූ මෝසෙස් නුඹලාට අණකළ ආඥාවද ව්‍යවස්ථාවද රක්ෂාකරන්ට හොඳාකාරයෙන් බලාගන්නැයි කීවේය.