යොර්දානෙන් එගොඩ මෝවබ් දේශයේදී මෝසෙස් මේ ව්‍යවස්ථාව ප්‍රකාශකරන්ට පටන්ගෙන මෙසේ කීවේය.
හෙෂ්බොන්හි වාසය කළ අමෝරිවරුන්ගේ රජවූ සීහොන්ටද එද්රෙය අසල අෂ්තාරොත්හි වාසයකළ බාෂාන්හි රජවූ ඕග්ටද පහරදුන් පසු,
අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේ හොරේබ්හිදී අපට කථාකොට: නුඹලා මේ කන්දේ විසූ කාලය ඇත.
මෝසෙස් මේ ව්‍යවස්ථාව ලියා, ස්වාමීන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ගෙනයන ලෙවීගේ පුත්‍රයන්වූ පූජකයන්ටද සියලු ඉශ්‍රායෙල් වැඩිමහල්ලන්ටද එය භාරදී,
මේ ව්‍යවස්ථාවේ සියලු වචනවල ප්‍රකාරයට කරන්ට බලාගන්න හැටියට නුඹලාගේ දරුවන්ට නුඹලා අණකරන පිණිස මා අද නුඹලාට ස්ථිරකර කියන්නාවූ සියලු වචනවලට නුඹලාගේ සිත් යොමුකරන්න.
මෝසෙස් ඉශ්‍රායෙල් පුත්‍රයන් ඉදිරියෙහි තැබූ ව්‍යවස්ථාව මේය.
මෝසෙස් සහ ඉශ්‍රායෙල් පුත්‍රයෝ මිසරයෙන් ආ කල සීහොන් රජුට පහරදී,
අද මා විසින් නුඹලා ඉදිරිපිට තබන මේ මුළු ව්‍යවස්ථාව මෙන් ධර්මිෂ්ඨවූ පනත් හා විනිශ්චයන් ඇත්තේ වෙන කොයි මහත් ජාතියකටද?